ජනප්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යයක් බව අනාවරණ වුණා.
ඊයේ (25) රාත්‍රියේ සිට විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්. පණිවුඩ මගින් කියවුණේ රෝහල් ගතව සිටින නාමල් උඩුගම මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටින ජනප්‍රිය ගායක නාමල් උඩුගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ෂා ප්‍රවෘත්ති අංශයට හැකිවුණා. එහිදී ඔහු ෂා ප්‍රවෘත්ති අංශයට සදහන් කලේ දින 12ක් රෝහලේ ප්‍රතිකාර ලබා මීට දින 3කට පෙර නැවත නිවසට පැමිණි බවයි.දැන් ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ප්‍රකාශ කල ඔහුසදහන් කර සිටියේ දෙස් විදෙස් සියලුම රසිකයින්ට කලබල වීමට කාරනාවක් නොමැති බවයි.