Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
26
ජංගම දුරකථනය වතුරට වැටුනොත්......?

ජංගම දුරකථනය වතුරට වැටුනොත්......? - ජංගම දුරකථනය වතුරට වැටුනොත්......?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,391 Views
ඔබගේ ජංගම දුරකථනය ජලයට වැටීමෙන් සිදු විය හැකි හානි අවම කර ගැනීමට නිවසේ දී ගත හැකි පහසු පියවර කිහිපයක් පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත්.
බොහෝ විට තමන්ගේ දුරකථන අංක ලැයිස්තු, ඡායාරූප එකතු, වීඩියෝ දර්ශන වැනි වටිනා දත්ත සියල්ල ගබඩා වී ඇත්තේ තමන්ගේ දුරකථනයටයි.

සෑම විටම තමන්ගේ අතේ, සාක්කුවේ හෝ බෑගයේ තිබෙන ජංගම දුරකථනයට සිදු විය හැකි අනතුරු ප්‍රමාණය ඉතා ඉහලයි. ඉන් එක් හානිකර අනතුරක් වන්නේ ජංගම දුරකථනය තුළට ජලය ඇතුල් වීමයි.

එවැනි අවස්ථාවක ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි. පළමුවැන්න ස්වාභාවික දැනීමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවයි, හැකි ඉක්මනින් ජංගම දුරකථනය ජලයෙන් ඉවතට ගැනීම.

දෙවනුව වියළි රෙදි කඩකින් හෝ අත් පිස්නාවකින් ජංගම දුරකතනයේ තෙත මාත්තු කළ යුතු අතර මතුපිට ජලය පිස දැමීමෙන් පසු බැටරිය සහ සිම් කාඩ්පත ඉවත් කොට ජලය පිස දැමිය යුතු වේ.

පහසු පියවර



හැකි පමණ පිස දැමීම මගින් ඇතුල් වූ ජලය ඉවත් කිරීමට උත්සාහ දැරීම වැදගත් වේ.

මීළඟට දුරකථනයේ කොටස් එකට සවි කර එය ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට දුරකථනය පණ ගන්වා බැලීමට උත්සාහ දැරීම සාමාන්‍යය භාවිතයයි.

එය දුරකතනයට හානිකර විය හැකි අතර තවමත් ඇතුළත කොටස් වල ඉතිරි වී ඇති ජලය හේතුවෙන් ජංගම දුරකතනයේ පරිපථය ලුහුවත් (short circuit) විය හැක.

එබැවින් ක්ෂණිකව දුරකථනය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ



අවසාන පියවර වශයෙන් සහල් බහාළු බඳුනක් තුළ තැබීම, රෙදි කඩකින් ආවරණය කොට හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීම හෝ තෙතමනය උරා ගන්නා වෙනත් ද්‍රව්‍යක බහා තැබීම කළ හැකියි.

හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ අධික කාලයක් හිරු රශ්මියට දුරකතනය අනාවරණය කිරීමෙන් වැළකි සිටීමයි.

ඉතා අධික උෂ්ණත්වය ජංගම දුරකථන වල තිරයට (ස්ක්‍රීන්) හානි දායක වීමට ඉඩ තිබේ.

බොහෝ දුරකථන අලුත්වැඩියා කරන ආයතන විසින් නිර්දේශිත උපදෙස් වන්නේ ඉහතින් සඳහන් පියවර කිහිපයයි.

එම පියවර ගැනීමෙන් පසු ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හැකි අතර ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබගේ දුරකතනයේ වර්ගය සහ එය තුළට කොතරම් ජලය ඇතුළු වුවාද යන්න මතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top