Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
20
"ඉදිකටු තුඩේ කල ලොව කුඩාම නිර්මාණය"

"ඉදිකටු තුඩේ කල ලොව කුඩාම නිර්මාණය" - "ඉදිකටු තුඩේ කල ලොව කුඩාම නිර්මාණය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,906 Views
බොහෝ නිර්මාණ අපට පියවි ඇසින් සාමාන්‍ය වශයෙන් දැකබලාගැනීමට හැකියාව තිබේ. නමුත් ඇතැම් නිර්මාණ බලාගැනීමට නම් අත්කාචයක් හෝ අන්වීක්ෂයක් උවමනා වේ.
මෙම කලාව හඳුන්වන්නේ 'මයික්‍රෝ මුර්ති කලාව' ලෙසිනි.

ඉඳිකටුවේ හිසේ ඇති සිදුර ඇතුළේ සියුම් ලෙස නිර්මාණ කිරීමට කොතෙත් ඉවසීම තිබිය යුතුද යන්න සිතිය යුතු කරුණක් නොවේ.
ලොව ඉවසිලිවන්තම පුද්ගලයා ලෙස Willard Wigan හැඳින්වූවාට වරදක් නොමැත. ඒ ඔහු අන්වීක්ෂයක් භාවිත කරමින් ඉඳිකටුවේ හිස තුළ නිර්මාණ කිරීම නිසාවෙනි





1957 වර්ෂයේ එංගලන්තයේ, බිර්මින්ගහැම්හි උපන් Willard Wigan ගේ නිර්මාණ ජීවිතය පිළිබඳ කතාවයි මේ.

"අවුරුදු 05 දී තමා මම මෙවැනි නිර්මාණ සඳහා පෙළඹුණේ. මම මුලින්ම කරේ කූඹින්ට ජීවත්වෙන්න ගෙයක් නිර්මාණය කරපු එක. මොකද ඒ අයටත් ජීවත්වෙන්න තැනක් තියෙන්න ඕන. මම එම නිවස නිර්මාණය කරේ කාච භාවිත කරලා. මම ඒ සඳහා භාවිත කරා පාවිච්චි කරලා අයින් කරන සපත්තු සහ තොප්පි කිහිපයක්. ඒ දෙය මම සාර්ථකව කරා කියලා මගේ අම්මයි, තාත්තයි මාව ප්‍රශංසා කරා.

ඊට පස්සේ මම කාලෙන් කාලෙට තියුණු නිර්මාණ සඳහා යොමුවුණා. ඉන් පස්සෙ මම හිතුවා ඉඳිකටුවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතිං, මම මගේ පළමු නිර්මාණය 2007 වර්ෂයේදී ප්‍රදර්ශනය කරා. එය මම එහිදී චාර්ල්ස් කුමාරයා වෙත මගේ ප්‍රශංසාවක් වශයෙන් ලබාදුන්නා. ඔහුත් පුදුම වුණා මගේ මේ නිර්මාණය දැකලා.
මේ නිර්මාණ සඳහා මම භාවිතා කරනු ලබන්නේ ඊයම්,රත්‍රන් සහ රිදී වැනි අමුද්‍රව්‍යයන්ය. ඊයම් භාවිතයේදී රසායනික ද්‍රව්‍යයක්ද එකතු කරනු ලබනවා.
මම නිතරම හිතන්නෙ මම කරන නිර්මාණය අනික් කෙනාට බලන්නත් අමාරුවෙන්න ඕන කියලයි"





මේ වනවිට මොහුගේ මෙම නිර්මාණ ඉතාමත් අධික මිලට, චාල්ර්ස් කුමරු, එල්ටන් ජෝන්, පිලිප් ග්‍රීන්, ලෝර්ඩ් බාත්, මයික් ටයිසන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මිලට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top