බොලිවුඩයේ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන සම්මාන උළෙලක් වන 21st Life Ok Screen Awards සම්මාන රාත‍්‍රිය පසුගියදා පවත්වනු ලැබුවා.
2014 වර්ෂයේ එළි දැක්වූ චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් සදහා මෙහිදී සම්මාන හිමිවුනා. ජැකී ෂෙරොෆ්ගේ පුතා වන නවක නළු ටයිගර් ෂෙරොෆ්ටද සම්මානයක් හිමිවුනා.
මෙහිදී හොදම කි‍්‍රයාදාම චිත‍්‍රපටය ලෙස ‘Heropanti’ චිත‍්‍රපටයද, හොදම අලෙවිකරන චිත‍්‍රපටය ලෙස ’2 States’ චිත‍්‍රපටයද, හොදම පසුතල චිත‍්‍රපටය ලෙස ‘Mardaani’ චිත‍්‍රපටයද, හොදම සිනමා රූපන චිත‍්‍රපටය ලෙස ‘Queen’ චිත‍්‍රපටයද, හොදම ඇදුම් පැළදුම් චිත‍්‍රපටය ලෙස ‘PK’ චිත‍්‍රපටයද, හොදම සංස්කරණය ලෙස ‘Mardaani’ චිත‍්‍රපටයද, හොදම රංග ප‍්‍රයෝග චිත‍්‍රපටය සදහා ‘Kick’ චිත‍්‍රපටයද, හොදම සජීවිකරණය සදහා ‘Chaar sahibzaade’ චිත‍්‍රපටයද මෙහිදී සම්මාන ලැබුවා.