3,975 Views

මේ මුද්ද ඩයනා කුමාරිකාවට චාල්ස් කුමාරයා දුන්නේ ඒ දෙන්නගේ විවාහ ගිවිසුම ගන්න දවසේ. දියමන්ති 14කින් වටවුන කැරට් 12ක ඉන්ද්‍රනීල ගලක් සුදු රත්තරන් වල තියල තමයි ඒක හැදුවේ. මේ මුද්ද හදපු කාලයේදී එහි වටිනාකම ස්ටර්ලින් පවුන්ඩ් 28,000යි. ඩයනා කුමාරිකාවගේ මරණයෙන් පස්සේ මේ මුද්ද ලැබුනේ හැරී කුමරුට. ඒත් මෑතකදී එයා මුද්ද විලියම් කුමරුට දුන්නා. විලියම් කුමරු මේ මුද්ද ඔහුගේ බිරිඳ වන කේට් කුමරියට ඒ දෙන්නා විවාහ ගිවිසුම ගත්ත දවසේදී තෑග්ගක් හැටියට දුන්නා.

ඔස්ට්‍රියාවේ පාලකයෙක් වූ පළවන ෆ්‍රැන්සිස් රජ්ජුරුවන්ගේ දුවෙක් වූ මාරි ඇන්ටනට් සතුව තිබ්බ මේ මාලය වෙනස් ජාතියේ දියමන්ති වර්ග වලින් හදපු එකක්. වැඩි වශයෙන් සුදු දියමන්ති වලින් සමන්විත මේ මාලයේ ගොඩක් දුලබ ගනයේ කහ දියමන්ති දෙකක් වගේම අපූරු රෝස දියමන්තියකුත් තියනවා. මේ මාලේ වටිනාකම ඩොලර් මිලියන 3.7ක් වෙනවා.

ඩොලර් 1,828,224 වටින මේ මාලය අයිති වුනේ එංගලන්තයේ පළමු ගැහැණු පාලකයා වූ මරියා රැජිණියට. මේ මාලයේ හරිත වර්ණයේ මැණික් වෙන එමරල්ඩ් ගල් 50ක් වගේම දියමන්ති විශාල ප්‍රමාණයක් තිබ්බා.

මේ මුද්ද හොං කොං වල පවත්වපු වෙන්දේසියකදී ඩොලර් මිලියන 20කට විකුණුණා. කැරට් 6කට වැඩි මේ මුද්දේ මැද නිල් දියමන්ති ගලක් එක්ක රෝස දියමන්ති ගල් දෙකක් තියනවා. මේ මුද්ද හදලා තියෙන්නේ ප්ලැටිනම් වලින්.
