අගහරු ගවේෂණයේ නිරත වෙමින් සිටින මාර්ස් ඔපර්චුනිටි රෝවරයට අමතක වීමේ රෝගී තත්වයක් වැළඳී ඇතැයි නාසා විද්‍යාඥයින් විසින් පවසා ඇතැයි වාර්තා වේ.
තමන් රැස් කරන දත්ත සිය ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් මතකය තුළ ගබඩා කිරීමට රෝවරය අපොහොසත්වී ඇති අතර එනිසා ඒවා RAM මතකය තුළ ගබඩා කරන බව පැවසේ. නාසාහි ජෙට් ප‍්‍රචාලන ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු ජෝන් කැලාස් පවසා ඇත්තේ මේ ආකාරයෙන් වුවද ඔපර්චුනිටි රෝවරය ක‍්‍රියාත්මකව පවත්වා ගැනීමට හැකියාව ඇති බවයි.
නමුත් රෝවරය නින්දට ගොස් අවදිවන විට RAM මතකයේ ගබඩා කර ඇති දත්ත සියල්ල මැකී යන අතර එමගින් එහි ක‍්‍රියාකාරීත්වයේ ගැටළු ඇතිවන බව වාර්තා වේ. මෙම අමතක වීමේ රෝගය සුවකිරීම සඳහා රෝවරය හැක් කිරීමට නාසා විද්‍යාඥයින් සැලසුම් කර ඇත.
ඔපර්චුනිටි රෝවරය සතුව ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් මතකයන් 7ක් ඇති අතර ඔවුන් පවසන්නේ ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් මතකයන් 7ක් වෙනුවට තමන්ට ඇත්තේ මතකයන් 6ක් යයි හඳුනාගන්නා ආකාරයට රෝවරය හැක් කළ හැකි නම් මෙම ගැටළුව යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවයි.
කෙසේවෙතත් සිය අපේක්‍ෂිත ආයු කාලයත් ඉක්මවමින් දශකයක් පුරා අගහරු ග‍්‍රහයා ගවේෂණය කරමින් ඇති ඔපර්චුනිටි රෝවරය වියපත් වෙමින් ඇති හෙයින් එහි ඉදිරි ක‍්‍රියාකාරීත්වය සැක සහිත බවද ජෝන් කැලාස් පවසා තිබේ.
මේ වන විට ඔපර්චුනිටි අගහරු මත තරණය කර ඇති දුර ප‍්‍රමාණය කිලෝමීටර් 41.8කි.