Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
13
"සුභ හීන හැබෑ කරගන්න මන්තරේ මෙන්න"

"සුභ හීන හැබෑ කරගන්න මන්තරේ මෙන්න" - "සුභ හීන හැබෑ කරගන්න මන්තරේ මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

18,145 Views
රෑ නින්දෙන් දකින සුභ හීන හැබෑ වෙනවනම් අපි කවුරුත් කැමතියි. එත් සමහර හීන වල පලාපල සුභ නැහැ. සුභ පල හීන තෝරා බේරා ගෙන ඒවා ඉටු කරගන්නට ඔබට කරන්නට පුළුවන් දෙයක් ගැනයි මේ ලිපිය.
මුලින්ම බලමු හීන පලාපල සුභ අසුභ වෙන හැටි.

රාත්‍රි නින්දේදී බොර දිය හෝ කිලිටි ජලය දැකීම

තමා එම ජලයේ ගසාගෙන යෑම ජලය පෙවීම දකින්නේ නම් එය ඉතාම සුබ පල දෙන සිහිනයකි. කවුරු හෝ මඩ ජලය ඇඟට ඉසිනවා දකී නම් තමන්ට අන්සතු වස්තුවක් හෝ ලැබීමට ඇති ධන ලාභයක් ලැබීමට ඇති බව පෙන්වා දෙයි.

ජලයේ ගසාගෙන යනු දුටුවේ නම් දියුණුවේ මඟ ආරම්භ වන සුබ සිහින සලකුණකි. එබැවින් එම කාලයේ සුබ වැඩෙහි නිරත වන්න.

ගවයන්, අශ්වයන්, ඇතුන් පිට නැඟී යනවා සිහිනෙන් දැකීම

මෙමඟින් මෙම තැනැත්තාගේ කලක් තිස්සේ ඉටු නොවූ බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. නඩු හබ ජය ගැනීම, තරග විභාග ආදියෙන් ජය ගැනීමට හැකි වේ.

හුළු එළියක්, පන්දමක් අතින් ගත් තැනැත්තෙක් සමඟ දුෂ්කර මාර්ගයක ගමනක් යනවා දැකීම

එම තැනැත්තාට මනසේ දරාගෙන සිටි ප්‍රශ්න රැසක් නිරවුල් කර ගැනීමට කදිම උපදේශක මිතුරකු මුණගැසීමේ සුබ සිහින පලාපලයකි.

පිරිසක් ඉදුණු පලතුරු සහිත රස ආහාර කෑම

තමන් කරන රැකියාවෙන් වරප්‍රසාද ලැබීම, ඉහළ තනතුරුවලට සුදුසු වීම, ජනප්‍රිය වීමට හේතුවන සුබපල සිහිනයකි.

සුදුවතින් සැරැසී තමන්ගේ නිදි යහන අසලට පැමිණි කෙනකු දකීනම් හෝ එම අය විසින් යම් දෙයක් දෙන්නේ නම් හෝ ඉල්ලන්නේ නම් තමන් නමින් මියගිය අය වෙනුවෙන් දන් පින් වස්ත්‍ර පූජා ආදිය කරන්න.

දුගී මගී අයට සංග්‍රහ කරන්න. එම පින් තමන් නමින් මියගිය අයකු වේ නම් එකී ප්‍රාණකාරයාට අනුමෝදන් කරවීමෙන් කලක් තිස්සේ තිබූ අමනුෂ්‍ය දෝෂ ඉවත් වී සුබපල කාලය උදාවේ.

මාළු වෙළෙන්දන් දැකීම හෝ ජලයේ මාළු පිහිනනවා දැකීම

තමන්ගේ ශරීරයේ හටගෙන තිබුණු නිදන්ගත හෝ යම්කිසි ලෙඩ පීඩාවකින් සුවපත් වී සහනය ලැබීම හෝ තම පවුලේ කෙනකුට තිබුණා වූ රෝගී තත්ත්වයකින් සුව වූ බව දැන ගැනීමට ලැබේ.

කඳු මුදුන්වල සිට ජලය ගලා එන දියඇලි දැකීම

මහ පොළොවෙන් හිමිවන මුතු මැණික් හෝ ඉඩම් වස්තු ලැබීමට හේතු වේ.

මඩ තැවරුණු එළදෙනකගෙන් පැටවකු කිරිබොනවා දැකීම සහ එවැනි එළදෙකගෙන් කිරි ‍දොවනවා දැකීම

නිමාකරගත නොහැකිව තිබූ නිවෙසේ වැඩ අවසන් කර ගැනීමටත් ඒ සඳහා ධන ලාභ ලැබීමද වගා කළ බව බෝගයෙන් සරුසාර බවද ඇතිවන සුබපල සිහිනයකි.

කුඩා ළමයකු නිරුවතින් මලපහ අතගානවා සිහිනෙන් දැකීම

තමන්ට සේවකයකුගෙන් හෝ ඇසුරු කරන යහලු යෙහෙළියකගෙන් ත්‍යාග මුදල්, වටිනා වස්තු ලැබීමට හේතුවන සුබපල සිහිනයකි.

තමන් එකවරම අහසේ වලාකුළු අතර ඉගිළෙනවා හෝ ගැවසෙනවා දැකීම පොළොවෙන් ඉහළ සිටිනවා සිහිනෙන් දැකීම

තමන් නොසිතූ ලෙසට ඉහළ ප්‍රභූ කෙනකුගේ මුණගැසීමක් සහ උපකාර ලැබීමට හේතුවන සුබපල සිහිනයකි.

    මෙසේ සුබපල සහිත සිහින දකින අය හිමිදිරි උදෑසනක අවදි වී පැඟිරි ගසක් මුල ඊශාන දෙස බලා “ඕං ඉෂ්ටපුවර ජය සිද්ධි නමස්තු” යන දැහැන 7 විටක් කියා එම පැඟිරි ගසට තමා දකින සිහිනය පළමුවරට කීමෙන් ඉහත සිහින ප්‍රතිඵල ලැබීමට හේතු වේ.

ඊශාන දිනය අටවන දිශාව නිසා එයට මරුට ළඟාවිය නොහැකිය. එනම් සතියට දින හතක් තිබෙන අතර එක් දිනකට මරු සිටින්නෙ එක් දිශාවකටය. දින හත අවසානයේ මරු නැවැතත් උතුරු දිශාවට පැමිණෙන අතර ඊශාන දිශාව මඟ හැරේ.

එසේම තමා දකින සිහිනය කිසි විටෙකක් අන්කෙනකුට පවසන්න එපා. ඒ පුද්ගලයාගෙන් ඔබට ඇස්වහ, කටවහ හෝ වහා තුන් දොස පැමිණිය හැකියි.

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top