බර්ලින්ටන්හි නිවෙසක සුරතලයට ඇති කරන බල්ලාගේ නිකරුණේ කෑ ගැසීම කරදරයක් වූ අසල්වාසීන් ඒ පිළිබදව නිතර නිතර පැමිණිලි කිරීම ගැන කෝපයට පත් කාන්තාවක් අන්තර්ජාල කුරියර් සේවාවක් හරහා තම අසල්වැසියන්ට ගොම පාර්සලයක් යවා තිබෙනවා.
කෙසේ නමුත් මේ කුරියර් සේවාව මඟින් ප්‍රශ්ණ කොට මේ පාර්සලය යොමුකලේ තමන්ගේ අසල්වැසි කාන්තාව බවට පොලිසියේ උපකාරීත්වයෙන් සොයාගන්න මේ පාර්සලය ලැබුණු පිරිසට හැකියාව උදාවෙලා.එමෙන්ම මේ පිළිබදව නුදුරේදීම නීති මාර්ග හරහා පියවර ගන්නවා කියලත් ඔවුන් මාධ්‍යයට කියලා තිබුණා.
බර්ලින්ටන් පොලිසිය ප්‍රකාශ කරලා තිබුණේ මේ ක්‍රියාව සිදුකරපු 51 හැවිරිදි කිම්බර්ලි කැප්ඩොමිලා කියන කාන්තාවගේ මානසික මට්ටම පිළිබදව ඉතා ඉක්මනින්ම පර්යේක්ෂණයක් කිරීමට අවශ්‍යයයි කියලයි.