Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
07
"අයිෆෝන් නිසා ඇපල් ආයතනයට නඩු"

"අයිෆෝන් නිසා ඇපල් ආයතනයට නඩු" - "අයිෆෝන් නිසා ඇපල් ආයතනයට නඩු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,548 Views
ඔබේ අයිෆෝන් එක ගිගාබයිට් 16 එකක් නම්, ගිගාබයිට් 16කින් යුත් මතක ධාරිතාවයම ඔබට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඉන් කොටසක් ඇපල් අයිඕඑස් මෘදුකාංගය විසින් ලබා ගන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් කිසිඳු නීතිමය පියවරක් ගත්තේ නැහැ නේද ?
නමුත් මියාමි වල වෙසෙන ඇපල් පාරිභෝගියින් දෙදෙනෙක් ඇපල් ආයතනයට නඩු පවරා තිබෙනවා. ඔවුන් නඩු පවරා තිබෙන්නේ ඇපල් ආයතනය පවසා සිටින ගිගාබයිට් 16 ධාරිතාවය එහි නොමැති වීම නිසා.‍

පසුගිය බ්‍රහස්පතින්දා පැමිණිලිකරුවන් විසින් කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී ඔවුන්ගේ නඩුව ගොනු කරා. ඇපල් ආයතනය පාරිභෝගිකයින් නොමග යවන තොරතුරු සැපයීම නිසා ඩොලර් මිලියන 5 ක අලාභයක් ලබා ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඇපල් ආයතනයේ  අයිඕඑස් 8 මෘදුකාංගය අයිෆෝන් 6 දුරකතනයෙන් ගිගාබයිට් 3 ක ඉඩකඩක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ගිගාබයිට් 16 ධාරිතාවයෙන් සියයට 19ක කොටසකි. ඒවගේම එම අයිඕඑස් 8 මෘදුකාංගය අයිෆෝන් 6 ප්ලස් දුරකතනයෙන් සියයයට 20 ක කොටසක්ද අයිපෑඩ් එකේ ධාරිතාවයෙන් සියයට 20 ක ප්‍රාමාණයක්ද අත්පත් කරගන්නවා.

(දුරකතනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා අවධානය යොමුකරන ප්‍රධානම සාධකයක් වන්නේ ගබඩා ධාරිතාවයයි. නමුත් ඇපල් ආයතනය ඒ පිළිබඳව නිවැරදි සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සපයන්නේ අඩුපාඩු සහිත ව්‍යාජ තොරතුරු. මේ හේතුවෙන් බොහොමයක් ඇපල් පාරිභෝගිකයින් රැවටෙනවා. )

මෙවැනි හේතුවක් නිසා ඇපල් ආයතනයට නඩු පැවරුණු ප්‍රථම අවස්තාව මෙය නොවෙයි. 2007 වර්ෂයේදීද මෙවැනිම නඩුවකට ඇපල් ආයතනය මුහුණ දුන්නා.

සර්ෆෙස් ටැබ්ලට් එකේ මතක ධාරිතාවය සම්බන්ධයෙන් පැනනැගුනු ගැටළුවක් හේතුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයටද 2012 වර්ෂයේදී නඩු පවරා තිබුනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top