Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
06
"ලෝකයේ ලොකුම ඉස්සා නවසීලන්තයේ මුහුදෙන්"

"ලෝකයේ ලොකුම ඉස්සා නවසීලන්තයේ මුහුදෙන්" - "ලෝකයේ ලොකුම ඉස්සා නවසීලන්තයේ මුහුදෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,316 Views
මුහුද යට රූ ගත කිරිම් කළ හැකි විශේෂිත කැමරා හා ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයේ ‘ ඕෂන්ලැබ්’ නම් සාගර ගවේශන රසායනාගාරය විසින් සකසකන ලද විශාල උගුලක් උපයෝගී කර ගනිමින් මේ පිරිසට හැකියාව ලැබුණා,
ඝන කටුවක් හා සිවියක් සහිත බහුපාදික සාගර ජීවීන් හෙවත් ක‍්‍රස්ටේෂියාවන් අතර, තවත් විදියකින් කීවොත් කවචයන් අතර මේ අති දැවැන්තයා සොයා ගැනීමට සමත් වී ඇත්තේ බි‍්‍රතාන්‍ය සාගර ගවේශක කණ්ඩායමක්.

ඉස්සකුට සමාන මේ සුපිරි දැවැන්තයාගේ දිග අඟල් 11ක්. අම්ෆිපෝඩා වර්ගයට අයත් මේ අපූරු සත්වයා හමු වී ඇත්තේ නවසීලන්තට උතුරින් මතුපිට සිට සැතැපුම් 4ක් පමණ ගැඹුරු මුහුදේදීයි. සාමාන්‍යයෙන් අම්ෆිපෝඩා වර්ගයට අයත් කවචයන් අතර වැඩි දෙනකු අඟල් 0.8ත් 1.2ත් අතර දිග සතුන්ය. මේ නව සත්ව විශේෂය එමෙන් දස ගුණයකටත් වඩා විශාලයි.


නවසීලන්ත මුහුදේ මතුපිට සිට සැතැපුම් හතරක් ගැඹුරින් හමු වූ ඉස්සන්


 සැතැපුම් 6ක් දුරට ගවේශනයේ යෙදෙන්නට. ඔවුන් සොයා ගියේ 1950ස් ගණන්වල කැමරාවට නැඟුණු පසු මේ වන තෙක් හමු නොවූ ගැඹුරු මුහුදු කවචයෙකුයි. ඒ ගැඹුරු මුහුදු ගොළුබෙලි මාළුවෙක්.

මේ ගවේශන පිරිසේ නායකයා වූ ආචාර්ය ඇලන් ජේමීසන් කියන්නේ, ”මුහුද යටට යැවූ උගුල් නැව උඩට ගෙනාව වේලේ අප උද්දාමයට පත් වුණා, අපි හිතුවෙ මේ ගොළුබෙලි මත්ස්‍යයා කියලයි. මීට කලින් ඌ හමු වුණාට පස්සේ ඒ අපට හමුවෙලා තිබුණෙ නෑ.” ”කොහොම වුනත් තත්පර කීපයක් ගියාට පස්සෙයි මට තේරුම් ගියේ මේ සතාගෙ වෙනස්කම් ගැන.”


ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇලන් ජේමීසන් මේ යෝධ ඉස්සකු අතින් ගෙන පෙන්වමින්.


”මේ අපූරු සත්වයා කවචයකුට සමාන වුනත් ඒ වර්ගයේ මේ තරම් ලොකු සතකු අප දැකලා තිබුණේ නෑ. අඩියක් පමණ දිග කැරපොත්තකුට සමානයි.”

”අපේ උගුලට සතුන් සත්දෙනක් අහුවෙලා හිටියා. කැමරා පද්ධතිය වටේ මුහුද යට නව දෙනෙක් හැසිරෙන අයුරු පටි ගතකොට තිබුණා.

විද්‍යාඥයන් විසින් මේ විදියේ සතුන් සුපිරි යෝධයන් ලෙස හඳුන්වනු ලැබුවේ 1980 ගණන්වල ඇමරිකානු පර්යේෂකයන් විසින් සොයා ගත් අම්ෆිපෝඩාවන් කීප දෙනකු නිසයි. යෝධ අම්ෆිපෝඩා ඉන්පසු හමුවුණේ නැහැ. ඔවුන් මිනිසුන්ට යාමට නොහැකි ගැඹුරු මුහුදේ ඇතැයි යන සිතිවිල්ලට සීමා වෙනවා.


ඇලන් ටෝයෝ ෆූජී, ඇලන් ජේමීසන් හා ඈෂ්ලි රෝඩන් සොයා ගත් සතුන් පෙන්වමින්.

”අපට පුදුමයි, මෙච්චර මේ ප‍්‍රදේශයේ අප කෙතරම් මුහුදේ සැරිසැරුවත් මේ සතුන් මීට කලින් මේ ප‍්‍රදේශයේ හමු නොවීම ගැන.” ආචාර්ය ඇලන් ජේමීසන් වැඩිදුරටත් කියනවා.”ඇත්තෙන් ම මේ සතුන් එසේ හමුවූ දාට පසුදා ඒ සතුන් ඒ ප‍්‍රදේශය හැර ගොස් තිබුණා. අප ඒ අවට උපකරණ සවි කොට බලා සිටියත් ඔවුන් එකකුවත් ආපසු ආවේ නැහැ”

මේ ගවේශනය සඳහා නවසීලන්තයේ ජාතික ජලය හා වායුගෝලීය පර්යේෂණායතනයත් හවුල් වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top