Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
05
"ජපන් සිසුවියකුත් ඉන්දියාවේදී සමූහ දූෂණයට"

"ජපන් සිසුවියකුත් ඉන්දියාවේදී සමූහ දූෂණයට" - "ජපන් සිසුවියකුත් ඉන්දියාවේදී සමූහ දූෂණයට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,469 Views
ඉන්දියාවේදී ජපන් ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස් ඇය සමූහ දූෂණයකට ලක්කළ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකරන කල්කටා පොලීසිය පවසන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට මාසයක පමණ කාලයක් ස්ථාන දෙකකදී වරින් වර මෙම ජපන් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර ඇති බවයි.
සැලසුම්සගත ලෙස මෙම කණ්ඩායම මෙම ජපන් ශිෂ්‍යාව පැහැරගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන බවත්, අයෙකුට ජපන් බස හොඳින් හැසිරවිය හැකි බවත්, ඒ ඔස්සේ මෙම ශිෂ්‍යාවට නවාතැන් පහසුකම් සලසන මුවාවෙන් ඇය පැහැරගෙන ඇති බවත් කියයි.


මුලින්ම දිගා ප්‍රදේශයට රැගෙන ගොස් ඇති ඇයව දූෂණයට ලක්කළ ඔවුන්, පසුව බුද්ධගයා ප්‍රදේශයේදී සෙසු සමූහ දූෂකයන්ට ඇය භාරදී ඇති අතර, එහිදීද ඔවුන් අතින් වරින් වර ඇය දූෂණයට ලක්ව තිබේ. එමෙන්ම, ඇගේ බැංකු කාඩ්පත යොදාගෙන ඉන්දීය රු.76,000ක්ද ඔවුන් පැහැරගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, අවසානයේ වර්නාසි වෙත පැමි‚ ඇය ජපාන කොන්සල් කාර්යාලයට පැමි‚ලි කිරීමෙන් පසු පොලිසි පරීක්ෂණ අරඹමින් අත්අඩංගුවට ගැනීම් සිදුව තිබේ.
ඉන්දියාව තුළ ස්ත්‍රීන්ට ආරක්ෂාවක් නොමැති බව යළිත් ප්‍රකට කරන සිදුවීමක් ලෙස එරට මාධ්‍ය මෙම අලූත්ම සිදුවීම හුවා දක්වයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top