2,971 Views
ආදරේට වයස,බලය,කුලය මේ මුකුත් වැදගත් නැහැනේ.මෙන්න පහුගිය 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ලෝක බලවතා ඒ කියන්නේ බැරැක් ඔබාමා හිටියේ ඇමරිකාවෙන් ගොඩක් දුර ඒත් දෙන්න වැලන්ටයින් සමරන්න අමතක කලේනම් නෑ.
කොහොමද දන්නවද දෙන්න වැලන්ටයින් සැමරුවේ ?
වැලන්ටයින් දවසේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මිශෙල් මෙන්න මෙහෙම පණිවිඩයක් තියනවා." හායි බැරක් !... මම නිතරම ඔබේ වැලන්ටයින්... සුභ ආදරවන්තයින්ගෙ දවසක් වේවා" මිශෙල් මෙහෙම කියල නිකන් ඉන්නෙ නැහැ එයාලගේ ජීවිතේ සුන්දර මතක සටහන් තියෙන කීපයකුත් ට්විටර් එකට එකතු කරනවා.

ඊට පස්සේ බැරැක් එයාගේ ට්විටර් පිටුවේ මෙන්න මෙහෙම කියනවා. "මෙන්න ඇත්ත..මිශෙල් ඔබාමා තවමත් හොදම වැලන්ටයින්" කියලා.
