2,547 Views
මෙම වසර තුල උපරිම සාර්ථකත්වයක් ලබා ගත් බොලිවූඩ් නළුවන් අතර Akshay Kumar මුල් ස්ථානය ලබා ගන්නා බවට අනාවැකි පලකරනුයේ සිනමා විචාරකයින්. ඊට හේතු ලෙස ඔහු මෙම වසරේදී රඟපෑ Housefull 2 , Rowdy Rathore , Oh MY God හීදී ඉහලම සාර්ථකත්වයට ලගා වූ බව පෙන්වා දෙනවා.එමෙන්ම දෙසැම්බර් 07 වෙනිදා නිකුත් වීමට නියමිත Khiladi 786 සිනමා පටයත් මේ වන විටත් ලබා ඇත්තේ ඉහල ජනප්‍රියත්වයක්.නමුත් සල්මාන් ඛාන්ද අභියෝගයක් ලෙස පෙන්වා දෙන විචාරකයින් පවසනුයේ Khiladi 786 හිදී ආකී ලබන ජනප්‍රියත්වයත් මත මේ වසරේ සාර්ථකම නළුවා වීමට ආකීට හැකියාව ඇති බවයි.