Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
31
"අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා "

"අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා " - "අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,945 Views
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්.
ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්.  මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි.



Ayan ගේ පියා විසින් ඔහුට පරිගණකයක් ලබා දී තිබුනේ ඔහු අවුරුදු 3ක තරම් කුඩා අවධියේදී යි. මේ වන විට Ayan ට තමන්ගේම කියලා පරිගණක පර්යේෂණාගාරයක් තිබෙනවා. ඔහුගේ පියා පවසන්නේ තම පුතුට බුද්ධිය වැඩිවීම සදහා කුඩා කල සිටම පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගැනීම සදහා තමන් මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවයි. තම දරුවාගේ මතක ශක්තිය අනෙක් දරුවන්ට සාපේක්ෂව වැඩි බවත් එම නිසා ඉක්මනින්ම ඉගෙන ගත් බවත් පවසනවා.



Ayan Qureshi විසින් තමන් සකස් කරගත් පරිගණක විද්‍යාගාරයේ දිනකට පැය 2ක් පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබද හදාරනවා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ එක්සත් රාජධානිය පදනම් කරගත් පරිගණක තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.

සාමාන්‍යයන් මේ විභාගයට මුහුණ දෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණ ශිල්පීන් විසින්. ඒ අනුව මේ විභාගයට Ayan තවමත් ළදරුවෙක්. කෙසේ වුනත් Microsoft සමාගමට නම් වයස ප්‍රශ්ණයක් නෑ කියලයි සමාගමේ නියෝජිතයින් කියන්නේ.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top