Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
30
"මැලේසියා යානය ගැන අලුත් අභිරහස් හෙළිදරව්වක්"

"මැලේසියා යානය ගැන අලුත් අභිරහස් හෙළිදරව්වක්" - "මැලේසියා යානය ගැන අලුත් අභිරහස් හෙළිදරව්වක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,299 Views
පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්ව මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙන මැලේසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 ගුවන්යානය මගීන් සමගම විනාශ කර ඇතැයිද එම විනාශ කිරීම පසුපස සිටින්නේ ඇමරිකාව යැයිද ඇමරිකා ලේඛකයකු වන මාර්ක් ඩුගේන් කියයි.
මෙම යානය සැප්තැම්බර් 11 ඇමරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරය හා සමාන ප‍්‍රහාරයකට යොදාගැනීමේ සැලසුමක් අනාවරණය වීම නිසා මෙසේ විනාශ කර දමා ඇති බව ඔහු පවසයි.

ඔහුට අනුව යානය විනාශ කර ඇත්තේ ඇමරිකා නාවුක කදවුරක් පිහිටි ඩියේගෝ ගාර්සියා දූපත ආසන්නයේදීය. යානය මේ දූපත ආසන්නයෙන් පියාසර කර ඇතැයි මීට පෙරද සැක කෙරුණු අතර එසේ වුවත් කඳවුරේ රේඩාර් උපකරණයෙන්ගේ සටහන්ව තිබූ තොරතුරු යානය සොයා සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා ලබාදීම ඇමරිකාව ප‍්‍රතික්ෂේප කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සෙවීමේ නිරතව සිටින තමා හට දැන් ජීවිත තර්ජනයන් පවා එල්ලවෙමින් තිබෙන බව සඳහන් කරන මාර්ක් ඩුගේන් වරෙක ලැබුණු ඇමතුමකින් ‘වැඩිය කරදර නොවන්න.කාලයට ඉඩදී නිකන් ඉන්න‘ යැයි පැවසුනු බවද කියයි.

අලූත් පොතක් එළිදැක්වීමට ගන්නා උත්සාහයක් ලෙස සලකමින් ඔහුගේ අදහස් බැහැර කිරීමට බහුතරයක් කටයුතු කර ඇතත් ඇතැමෙක් ඒවායේ ගතයුතු යමක් තිබෙන බව පවසයි.

අතුරුදන්වූ යානය සම්බන්ධව කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගැනීමට නොහැකිවී තිබීම ඇත්තෙන්ම අභිරහසකි. ඕස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව ඇතුලූ රටවල් ඩොලර් ලක්ෂ ගණන් පිරිවැය දරමින් තවමත් යානය සොයා මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක කරමින් සිටියද,එම මෙහෙයුම් කටයුතු දිනෙන් දින යාවත්කාල කිරීම සිදුකළද, ඒවායින් ප‍්‍රතිඵල අත්වන බවක් පෙනෙන්නට නැත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top