1. කුමන්ත්‍රන කාරී ක්‍රියාවන් හැරෙන්නට වෙනත් කිසිදු දෙයක් නැහැ.
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීමේදී, යානයේ ඇති සම්ප්‍රේශ ප්‍රතිචාරයන් සිතාමතාම ක්‍රියාවිරහිත කර ඇති බව පෙනෙන්නට තිබුනා. එහි ගමන්ගත් ගුවන් නියමුවන් ගුවන්විදුලි සම්ප්‍රේෂණය නවතා දැමු අතර ගමන් කර යුතු දිසාව වෙනස් කොට වෙනත්ම දිසාවකට ගමන් කල බව ද රේඩාර් තිරවල සටහන් වී තිබුනා.
ඉහත කරුණු කාරනා පෙනෙන්නට තිබීම නිසා ගුවන් යානය පැහැරගැනීම සහ ත්‍රස්තවාදය කියන කරුණු කෙරෙහි සැමගේම අවධානය යොමුවුනා. නමුත් එයාර් එශියා ගුවන් යානයේ අතුරුදහන් වීම සම්බන්ධව ඉහත සදහන් චෝදනාවන් එල්ලවෙන්නේ නැහැ.
එයාර් එශියා ගුවන් යානයේ නියමුවන් සමග සම්න්ධතාවයන් පැවැත්වීමට හැකිවී තිඛෙනවා. ඒවගේම කාලගුණ තත්වයද අයහපත් මට්ටමක පැවති බව පෙනෙන්නට තිබුනා. එහිදී ගුවන් නියමුවා පාලන මධ්‍යස්තානයන්යෙන් විමසීමක් කරනවා පවතින අයහපත් කාලගුණ තත්වයෙන් බේරීම සඳහා පුළුවන් තරම් ඉහලට ගුවන් යානය පියාසර කරන්නද කියා.

2. වතුරේ ගැඹුර ඉතාමත්ම අඩු අතර එම ප්‍රදේශය හරහා පොදු නැව් මාර්ගයක් වැටී තිඛෙනවා. එම නිසා සුන්බුන් සොයා ගැනීමට ඉතාමත්ම පහසුයි.
අතුරුදහන් වූ මැලේසියානු ගුවන්යානය අනතුරට පත්වී ඇති බවට සැක සිතූ ප්‍රදේශය අතිශයින්ම ගැඹුරු මුහුදු ප්‍රදේශයක්. නමුත් එය තවමත් අබිරහසක්ව පවතිනවා.
නමුත් එයාර් එශියා ගුවන් යානය කඩාවැටුණු බවට සැක සිතන මුහුදු ප්‍රදේශයේ ගැඹුර අඩි 100 ක් තරම් අඩු මට්ටමක පවතිනවා. එම ප්‍රදේශය හරහා බරටම නැව් ගමන්ද සිදුවෙනවා. බලධාරීන් පවසන්නේ එම නිසා ගුවන් යානයේ සෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමට හැකි බවයි.
3. මැලේසියානු ගුවන්යානය අතුරුදහන් වීමේ සිට මේ දක්වා ගුවන් ප්‍රවාහන සමාගම් සහ රටවල් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී පැය කිහිපයක් ගියපසුව බලධාරීන් සහ රජය මහත් අපහසුතාවයට පත් වුනු අතර අභ්‍යන්තරික වශයෙන්ද අවුල් වියවුල් තත්වයක් ඇතිවුනා. බලධාරීන් විසින් ලබාදුන් තොරතුරු වල පරස්පර විරෝධී බවක් සහ අවුල් බවක්ද දැකගන්නට ලැබුනා. ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ පවුල් වලින් බලධාරීන්ට චෝදනාද එල්ලවුනා.
නමුත් එයාර් එශියා සිදුවීමේදී රජය සහ ගුවන් ප්‍රවාහන සමාගම වඩාත් විනිවිද භාවයකින් සහ ස්තාවරයව සිටින බවක් පෙනෙන්නට තිඛෙනවා.
එයාර් එශියා හී ප්‍රධාන විධායක නිකධාරී ටෝනි ෆර්නැන්ඩස් මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා සිටියේ ගුවන් යානයේ ගමන්ගත් මගින් සහ කාර්යමණ්ඩලය වෙනුවෙන් කල හැකි සෑම දෙයක්ම සිදුකිරීමට පොරොන්දු වෙන බවයි.
අතුරුදහන් වුනු ගුවන් යානය සෙවීම සඳහා ක්ෂණික පිරික්සුම් සැලැස්මක් දියත් කිරීමට ඉන්දුනීසියා බලධාරීන් සමත් වී තිඛෙනවා. ඉන්දුනීසියා නාවික හමුදාවේ නෞකාවන් , මැලේසියාවේ සහයෝගය, සිංගප්පුරුවේ සහයෝගය, ඕස්ට්‍රේලියාවේ සහයෝගයද ඉන්දුනීසියා රජයට ලැඛෙනවා.
(සී එන් එන්) ප්‍රවුර්ති සේවයේ විල් රිප්ලි මහතා පවසන පරිදි මෙම සිදුවීම සම්න්ධයෙන් ෆර්නැන්ඩස් මහතා දැක්වූ ප්‍රතිචාරය නම් අතිශයින්ම විශිෂ්ටයි.
ඉන්දුනීසියා රජය මගීන්ගේ පවුල් සඳහා ප්‍රමුඛ තාවය දෙමින් කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක්.
4. සමහර විට මාස 10ක පමණ කාලයක් ගතවන තුරු ගුවන් යානය පිළිබඳව සොයාගැනීමට අපිට හැකි වෙන එකක් නැහැ. (මැලේසියාව)
එයාර් එශියා ගුවන් යානය සමග තිබු සම්බන්ධ තාවය ගිලිහුණු ප්‍රදේශය පිළිබඳව නිවැරදිව දැනසිටීම ඉතාමත්ම වැදගත්. පරික්ෂා කිරීමට තිඛෙන ප්‍රදේශය ඉතාමත්ම කුඩා වීම සහ එම ප්‍රදේශය නොගැඹුරු ප්‍රදේශයක් වීම ගුවන් යානය සොයා ගැනීම ඉතාමත්ම පහසු කටයුත්තක් බවට පත්කර තිඛෙනවා.
එම නිසා දහවල් කාලයේදී පැය 12ක් ඇතුලත එයාර් එශියා ගුවන් යානය සොයා ගැනීමට හැකි වීම ගැන නම් කිසිඳු සැකයක් නැහැ. මොකද ගුවන් යානයේ සංඥාවන් ගිලිහුණු ස්ථානය පිළිබඳව ඔවුන් නිවැරදිවම දන්නවා. එම මුහුදු ප්‍රදේශයේ ගැඹුර අඩි 150 ක් පමණයි. නමුත් මැලේසියානු ගුවන් යානය පතිත වුනු ඉන්දියානු සාගර ප්‍රදේශයේ ගැඹුර අඩි 20,000ක් පමණ වෙනවා.
නොදුටු ලෝකය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම සංසන්ධනාත්ම වෙනස මගින් එයාර් එශියා ගුවන් යානයේ අතුරුදහන් වීම සබන්ධව ඔබ වටිනා කරුණු රාශියක් දැනගන්නට ඇති.