බැංකොක් සිට චීනය බලා පියාසර කළ තායි ගුවන් යානාවක සිටි කාන්තාවක් ගුවන් සේවිකාවන්ගේ මුහුණට උණුවතුර කෝප්පයකින් දමා ගැසීම නිසා එම යානාව ආපසු බැංකොක් වෙත පැමිණ ඇත.
පසුව එම කාන්තාව සහ ඇගේ පිරිස ගුවන් යානාවෙන් ඉවත් කර තිබේ.
උණුවතුර ප්‍රහාරයට ලක් වූ ගුවන් සේවිකාවට බැංකොක් රෝහලේදී ප්‍රතිකාර දී ඇත. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ ආසනයක් පිළිබඳ ඇති වූ කතාබහක් දුරදිග යැමයි.