3,328 Views
ඇය "මුල් මොනාලිසා" (Early Monalisa) නම් වන්නීය. පැරීසියේ වෙසෙන ලොවම දන්නා මොනාලිසාට පෙර ඩාවින්සිගේ තෙලි තුඩින් මැවුණු ඇය සිටින්නේ ස්විට්සර්ලන්තයේය.
1913 දී බ්‍රිතාන්‍ය වංශවතෙකු සතුව තිබී සොයාගෙන ඇති මෙම විත්‍රය නියම මොනාලිසා චිත්‍රය ඇඳීමට වසර 10ට පෙර අඳින ලද්දක් බව තහවුරු වී ඇතැයි එහි හිමිකරුවන් වන ස්විට්සර්ලන්තයේ මොනාලිසා පදනම පවසයි.
නමුත් ඒ මතය විචාරකයින් විවාදයට තුඩු දී තිබෙන්නක් වේ. ඒ පිළිබඳ අදහස් දක්වන ඩා වින්සි පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය මාටින් කෙම්ප් පවසන්නේ මේ මොනාලිසාගේ කොපියක් බවයි. මෙය නියමාකාරයෙන් ඇඳ අවසන් නොකරන ලද්දක් බව හෙතෙම පවසන්නේය.
ඒ තර්ක විතර්ක කෙසේ වෙතත් ඇය සඳුදා සිට සිංගප්පූරුවේදී හැමෝටම දැකබලාගන්නට පැමිණ සිටින්නීය.
මොනාලිසා (වමේ) මුල් මොනාලිසා (දකුණේ)