8,309 Views


අවුරුදු 5කට පස්සේ IBM සමාගම එයාලගේ පරිගණක වලට මෙහෙයුම් පද්ධතියක් ඔහු නිර්මාණය කරලා තියෙනවාද කියන ප්‍රශ්ණයට බිල් ක්ෂණිකවම ඔව් කියනවා. ඒත් ඔහු පරිගණක මෙහෙයම් පද්ධතියක් ගැන හිතලාවත් නැහැ. ඒ නිසා ඔහු මෙහෙයුම් පද්ධතියක් මිලදීගන්නට සොයනවා. සියැටල් වලදී ඔහුට හමුවෙනවා මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගෙන් මෙහෙයුම් පද්ධතිය අයිතියත් සමඟම මිලදීගන්නා බිල් ගේට්ස් වඩා වැඩි මුදලකට IBM සමාගමට විකුණනවා. ඒ තමයි DOS මෙහෙයුම් පද්ධතිය. හැබැයි අයිතිය තමන් සතුවම තබාගන්නට ඔහු අමතක කරන්නේ නැහැ. ඒ වගේම IBM සමාගම ඒ ගැන විමසන්නේවත් නැහැ. මොකද ඒ කාලේ සාමාන්‍ය කෙනෙක් මෘදුකාංග සඳහා මුදල් වැය කරන්නේ නැහැ. ඒත් මෘදුකාංග සඳහා ඇති විය හැකි වෙළඳපල බිල් කලින්ම දකිනවා.
ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සමඟ
මේ කාලේ වෙනකොට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කරළියට එනවා. ඔහුට අවශ්‍ය වෙනවා බිල් ගේට්ස් ලවා අලුත් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න. දැනට අපි පාවිච්චි කරනවා වගේ දෘශ්‍ය අතුරු මුහුණතක් (visual interfaces) සහිත වැඩසටහනක්. ඒ කියන්නේ කළු සුදු අකුරු ඇති DOS මෙහෙයුම් පද්ධතිය වෙනුවට රූප රාමු සහිත මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නට. මේ වෙනුවෙන් බිල් ගේට්ස් ඇපල් සමාගමට එනවා. ඇපල් සමාගමේ කණ්ඩායමක් භාරව ක්‍රියාකරනවා. ඒත් ස්ටීව්, බිල්ගේ කණ්ඩායම හෝ බිල්ගේ වැඩ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒත් බිල් රහසිගතවම සිය වැඩසටහන නිර්මාණය කරනවා.

ඒත් බිල්ට අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ ජීවිත කාලයම ස්ටීව් ජොබ්ස්ගේ අදහස් වලට වැඩ කරන්න. අදහස් කියන්නේ ඇත්තටම ක්‍රියාවට නංවනතෙක් කිසිදු තේරුමක් නැති දෙයක්. ස්ටීව්ගේ අැපල් සමාගම සඳහා නිර්මාණය කරන අතුරු මුහුණත පිළිබඳ අදහස ස්ටීව්ට ලැබුනේ Xerox නම් නව සමාගමෙන්. වචනයේ පරිසමාප්ත අයුරෙන්ම ස්ටීව් එම සමාගමේ නිර්මාණය තමන්ගේ දෙයක් වගේ නිර්මාණය කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.
ස්ටීව්ට Windows පිළිබඳව ආරංචිය ලැබුන වහාම ඔහු කෝපවෙනවා. ඇපල් සමාගමේ සේවකයන් ඉදිරියේ සිටම ඔහු බිල්ගේට්ස්ට බැනවදිනවා. ඒත් ඒ ගැන තැකීමක් නොකරන බිල්ගේ පිළිතුර වෙන්නේ, “අපි දෙන්නම එකම තැනකින් කොපි කලා” කියන එකයි. බිල් ඇපල් සමාගමෙන් ඉවත් වනවා. තමන්ගේම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය එලි දක්වනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් සෑම නිවසකම තිබෙන දවසක් ගැන සිහින දකිනවා. ඇපල් සමාගම ක්‍රමයෙන් බංකොලොත් වෙද්දී වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය, මයික්‍රොසොෆ්ට් සමාගම සීග්‍රයෙන් දියුණු වනවා. බිල් ගේට්ස් අවුරුදු 39 දී ලොව ධනවත්ම පුද්ගලයා වනවා.
දැනට ඔහුගේ වයස අවුරුදු 58ක්. විවාහකයෙක්. දරුවන් 3 දෙනෙක් සිටිනවා. ඒත් ඩොලර් බිලියන 76ක වත්කමක් හිමි ඔහු අදටත් ලොව ධනවත්ම පුද්ගලයායි. ඒ වගේම ඔහුගේ දැනට තිබෙන සම්පූර්ණ ධනය වියදම් කරන්නට අවුරුදු 218 වත් ජීවත් වෙන්න අවශය බවයි කියවෙන්නේ..!
UPDATE: බිල් ගේට්ස්ගේ දියණිය ලෙස මීට පෙර පළකර තිබූ ඡායාරූපය ඔහුගේ දියණියගේ ඡායාරූපයක් නොවන අතර සිදුවූ දෝෂය පිළිබඳව සමාව අයදිමි! පහතින් දැක්වෙන්නේ බිල්ගේට්ස්ගේ සැබෑ දියණියගේ ඡායාරූපයකි.
