Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
17
"චීනය හරිත ප්‍රාකාරයක් හදයි"

"චීනය හරිත ප්‍රාකාරයක් හදයි" - "චීනය හරිත ප්‍රාකාරයක් හදයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,518 Views
 සතුරන්ගෙන් ආරක්ෂාවීමට අතීත චීන අධිරාජ්‍යයෝ චීන මහා ප‍්‍රාකාරය තැනුවා සේ මෙදා ගෝබි කාන්තාරය නම් පාරිසරික සතුරාගෙන් ආරක්ෂාවීමට මහා ‘හරිත ප‍්‍රාකාරයක්‘ තැනීමේ කටයුතු වල චීන බළධාරීහු නියැළී සිටී.
සම්පූර්ණ කළ පසු මෙම හරිත ප‍්‍රාකාරයේ ගස් බිලියන 100 ක් පමණ තිබෙනු ඇතැයි සඳහන්ය. ඒවායේ කාර්යය වන්නේ යාබද ගෝබි කාන්තාරයේ කාලයත් සමග සිදුවන පැතිරීමෙන් හා වැලි කුණාටු වැනි දේ වලින් චීනය ආරක්ෂා කිරීමයි.

මෙම ව්‍යාපෘතිය 1978 වසරේ සිට කි‍්‍රයාත්මක වන්නක් වන අතර 2050 වසර වන විට අපේක්ෂිත වෘක්ෂ බිලියන 100 ඉලක්කය වෙත යා හැකි වනු ඇතැයි බළධාරීහු කියති.

මුලින්ම මේ ව්‍යාපෘතියට ලැබී ඇත්තේ ගල්මුල්ය.බොහෝ විද්‍යාඥයින් මෙය අසාර්ථක වනු ඇතැයිද, ගස් පේලියක් සිටවූවායැයි කියා ගෝබි කාන්තාරයෙන් චීනය ආරක්ෂා කර ගැනීමට නොහැකියැයිද පවසා තිබේ.

නමුත් ගස් සිටුවාගෙන යාමේදී වෙනදා ගෝබි කාන්තාරයේ වැලි කුණාටු අවස්ථාවකදී වැලි වලින් නැහැවෙන චීනයේ ඇතැම් ප‍්‍රදේශ හරිත ප‍්‍රාකාරයේ පිහිටෙන් ආරක්ෂා වීමත්, අනෙක් අතට කාන්තාරයේ පැතිරීම එය අද්දරම වාගේ පිහිටන මේ ගස් තීරයෙන් සීමා වීමත් නිසා ව්‍යාපෘතියෙන් සැබෑවටම ප‍්‍රයෝජනයක් තිබෙන බව එය ගැන සැක තිබූ සියලූදෙනාම දැන් පසක් කරගෙන සිටී.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top