Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
"පාසල් නිවාඩුවට නිල් චිත්‍රපට පෙන්වන ජාවාරමක්"

"පාසල් නිවාඩුවට නිල් චිත්‍රපට පෙන්වන ජාවාරමක්" - "පාසල් නිවාඩුවට නිල් චිත්‍රපට පෙන්වන ජාවාරමක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,278 Views
මධ්‍යම පලාතේ පාසල් දරුවන්ගේ නිවාඩු සමය ඉලක්කකර වෙළඳපොළ තුළ නිල් චිත‍්‍රපට අලවිකරන බවට පාසල්වලට සම්බන්ධ දෙමව්පියන් කියති.

වර්ණ කඩදාසියේ මුද්‍රණය කරන ලද කාන්තා නිරුවත් රූප සහිත සන්යුක්ත තැටි (සී.ඩි.) වශයෙන් මේවා අලවියට තබා ඇති අතර මාතලේ,නගරයේ සිට දඹුල්ල දක්වා හමුවන ප‍්‍රධාන උප නගර රැසක පිහිටි පෞද්ගලික සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථාන වල මේවා අලවිය සඳහා තබා ඇත.
විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ නිරන්තරව නගර වලට පැමිණෙන පාසල් දරුවන් මේවා මිලදිගන්නා බවත් එක් සි.ඩි.තැටියක් රුපියල් 150-200 ආදි මිල ගණන් වලට අලවි කරන බවත් දෙමාපියන් කියති. මෙම සංයුක්ත තැටිමත නිරුවත් කාන්තා රූප මෙන්ම ‘වැඩිහිටියන්ට පමණයි’ හා ‘අවුරුදු දහඅටට වඩා අඩු අයට විකිනීම තහනම්’ ලෙස මුද්‍රණය කර ඇත.

පවතින ගැටලූව එසේ සදහන් කර තිබුනද මේවා මිළට ගැණීමට ලබාල දරුවන් පැමිණිමද ඒවා නැරඹිම තුලින් සමාජමය වශයෙන් ගැටලූ රැසක් ළමා මනස් තුළ ඇතිවීම වැලිකය නොහැකි කරුනක් බැවි වැඩිහිටි මතයවේ.

විශේෂත්වය වන්නේ මෙම සංයුක්ත තැටි මත වෙළඳපොළට මේවා ලබදෙන නිෂ්පාදිත සමාගම පැහැදිලිව සටහන් කැර ඇති අතර චිත‍්‍රපටි ශාලා තුළට පමණක් සිමාවු මෙරට වැඩිහිටියන්ට පමණක්වු චිත‍්‍රපට ගම්බද වෙළඳසැල් වලටත් පැමිණිම බරපතල තත්ත්වයක් බව වැඩිහිටියන් පෙන්වා දෙති.

අන්තර් ජාලය හා විවිධ සමාජ වෙබ් අඩවි හරහා සමාජයේ ඇතැම් පැලැන්තියකට පමණක් හිවිම තිබෙන අසභ්‍ය  දර්ශණ නැරඹීමේ හැකියාව මේ සංයුක්ත තැටි හරහා සාමාන්‍ය ජනතාවටද යොමුකිරිම එක්තරා සෝචනීය තත්ත්වයක් ලෙස හැදින්විය හැකිය.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිළධාරින් කිහිපදෙනෙකු ගෙන් අප විමසිම් කළ අතර තවත් පුද්ගලයෙකුගේ දර්ශණ ව්‍යාජ ලෙස මුද්‍රණය කර විකිනිම බුද්ධීමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් සමාජමය වශයෙන් යම්කිසි පාර්ශවයක් ප‍්‍රචාරනය හරහා අගතියට පත්වන්නේනම් නිතිය තුළ ක‍්‍රියාත්මකවීම සඳහා ප‍්‍රතිපාදන පවතින බැව් ඔවුහු පෙන්වා දෙති.

කෙසේ නමුත් ඇතැම් වෙළඳසැල් හිමියන් අපත් සමග කිවේ කොළඹ සිට මෙම සංයුක්ත තැටි අලවිය සඳහා රැගෙන එන පුද්ගලයන් සිටින බවත් මේවා අලවි කිරිම පිළීබඳ කිසිදු නීතිමය බාදාවක් තමන්ට නොමැති බවත්ය. තමන් අළවිය සඳහා තබා ඇත්තේ නිසි අවසරයකින් යුතුව මුද්‍රණය කර සංයුක්ත තැටි බවත් ඔවුන් අවධාරනය කරති.

ඔවුන් පවසන පරිදි නීතිමයට වශයෙන් කුමණ ප‍්‍රතිපාදන මේ සම්බන්ධයෙන් ඇතත් සමාජමය වශයෙන් මතුවට පැණනගින බරපතල වියසනයන් පිළීබඳව මේ වෙළදසැල් හිමියන් හෝ මෙම සංයුක්ත තැටි නිෂ්පාදන සමාගම් වගකියන්නේද යන්න අප ඉදිරියේ ඇති ගැටලූවකි.

තමන් මේ සංයුක්ත තැටි පාසල් දරුවන්ට අලෙවි නොකරන බවත් ඒ පිළිබඳව වගකීමක් ඇති බවත් වෙළඳසැල් හිමියන් කියති. නොමේරු මනස් ඇති පාසල් දරුවන් හෝ වෙනත් දරුවන් විවිධ උපාය මාර්ග හරහා මේවා මිලදිගෙන ඇති බැවි අප කළ ගවේශණයේදි හෙලිවු අතර පසුගිය සමයේ මාතලේ දිස්ත‍්‍රික්කයේ පාසල්වල දැරිවියන් අවස්ථා කිහිපයකදි ගැබිනියන්වු  අයරු මෙන්ම පේ‍්‍රම සම්බන්ධතා හේතුවෙන් පාසල් පමණක් නොව ජිවිතද අහිමි කරගත් අවස්ථා ඇතිබැව් මේවා අලෙවීකරන වෙළදුන්ට සිහිපත්කර දීම වටි.

නිතිමය රාමුව කෙසේ වෙතත් සමාජමය වශයෙන් මේ හරහා ඇතිවන අතිශය බරපතල තත්ත්වය හදුනාගෙන මෙම වියසනයෙන් සමාජය මුදවා දෙන්නැයි වැඩිහිටි දෙමව්පියෝ
බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top