ලෝ සුපතළ ලෝඞ් ඔෆ් ද රින්ග්ස් චිත‍්‍රපට ත‍්‍රිත්වයේ අඳුරු අධිපති සෝරෝන්ගේ අධි බලැති ඇස මොස්කව් නගරයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.
ජේ.ආර්.ආර්. ටොල්කියන් විසින් රචිත ද හොබිට් ප‍්‍රබන්ධ කෘතියේ චිත‍්‍රපටයක් රුසියාවේ එළිදැක්වීමට සමාන්තරව මෙය නිර්මාණය කර තිබේ.
සොරෝන්ගේ ඇස නම් ප‍්‍රබන්ධ වස්තුව සැබෑ ලෝකයේ පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ ස්වෙචෙනී නම් රුසියානු කලා කවයක් විසිනි.
ඔවුන් පවසා ඇත්තේ ලෝක ප‍්‍රසිද්ධ කෘතියක් සහ එහි සිනමාභිෂේකයක් සැමරීම සඳහා මෙම නිර්මාණය සිදුකළ බවයි.
ටොල්කියන් විසින් රචිත ලෝඞ් ඔෆ් ද රින්ග්ස් කථා ත‍්‍රිත්වය ඇසුරෙන් පීටර් ජැක්සන් විසින් නිර්මාණය කරන ලද පළමු චිත‍්‍රපටය වන ද ෆෙලෝෂිප් ඔෆ් ද රින්ග් 2001දී එළිදැක්වුණු අතර ඉන්පසුව නිමැවුණු ද ටූ ටවර්ස් සහ ද රිටර්න් ඔෆ් ද කිං සිනමාපට ඉමහත් ජනපි‍්‍රයත්වයක් අත්කරගන්නා ලදී.
එහි ජනප‍්‍රියත්වය මත ජැක්සන් ද හොබිට් කෘතිය කෘතීන් ත‍්‍රිත්වයක් ලෙස සිනමාවට නැගූ අතර එහි තෙවැන්න දෙසැම්බර් මසදී එළිදැක්විණි.
මෝර්ඩෝර්හි දුෂ්ට අධිපතියා වන සෝරෝන්ගේ ඇසට පෘථිවියේ මැද ලෝකයේ සියලූ දේ දිස්වන අතර එය බුද්ධි කටයුතු සහ බලයේ නිරූපණයක් ලෙස සැලකේ.
