Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
15
"දරුවා වෙනුවෙන් ගුටි ඉල්ලන් කන අපූරු පිය සෙනෙහස"

"දරුවා වෙනුවෙන් ගුටි ඉල්ලන් කන අපූරු පිය සෙනෙහස" - "දරුවා වෙනුවෙන් ගුටි ඉල්ලන් කන අපූරු පිය සෙනෙහස"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,735 Views
 චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙක් විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහරක් දෙන්න‘ යැයි සඳහන් වූ ටී ෂර්ටයක් ඔහු ඇඟලාගෙන සිටියේය.
ඔහු ඉදිරියේ වූයේ නොයෙකුත් රෝහල් බිල්පත්, වෛද්‍ය වාර්තා වලින් පිරි පෙට්ටියකි.ඒවා කියවා බලන්නෙකුට ඒ සියල්ල මේ පුද්ගලයාගේ දෙහැවිරිදි පුතණුවන්ට අයත්බව වටහා ගත හැකිය.

ලියුකේමියාවෙන් පෙළෙන තම දරුවාගේ රෝහල් ගාස්තු පියවාගැනීමට මිනිස් ‘පන්චිං බෑගයක්‘ බවට පත්ව සිටින මේ පුද්ගලයා නමින් ෂියා ජුන්ය.තම දරුවාට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට නිර්දේශව ඇතත් ඒ සදහා වැය කිරීමට සිදුවන යුවාන් ලක්ෂ 7 ක් පමණ වන මුදල සොයාගැනීම තමන්ට සිහිනයක් බදු යැයි ඔහු කියයි.

මුදල් සොයාගැනීමට මුලින් හිගා කෑමට සැරසුණද මග යන එන්නෝ තමන් බොරුවක් කරයි සිතා මුදල් නොදේය කියා තේරුම් ගිය හෙයින් මෙසේ ‘පන්චිං බෑගයක්‘ වීමට තීරණය කළ බව ඔහු පවසයි.ඔහු බොරුවක් නොකරන බව ඉදිරියේ තිබෙන පෙට්ටියේ ඇති රෝහල් බිල්පත් ආදිය පරීක්ෂා කිරීමේදී හොදින්ම අවබෝධ වේ.

මේවා දකින මහමග යන්නෝ තමන්ට තඩිබෑමට නතර නොවී ඔවුන්ගේ කැමැත්තෙන්ම මුදල් ප්‍රදානය කරන බව ඔහු කියයි.චීන මාධ්‍යයද ෂියා ජුන්ට විශාල ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර ඒ ඔස්සේද සැළකිය යුතු තරමේ මුදල් ප්‍රමාණයක් එක්රැස් කරගැනීමට ඔහුට හැකිව තිබේ.

ඔහුගේ දෙනෙතින් සතුටු කදුළු වැගිරේ.ඉක්මනින්ම තම දරුවාව සැත්කම සදහා යොමුකරවන බව ඔහු පවසයි.

උදවු සදහා ඉදිරිපත්වූ ඇතැමුන් ෂියාට රැකියාවක් පවා සොයාදීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්ය.

මේ තරම්  කරුණාවක් තමන් කිසිසේත්ම බලාපොරොත්තුවූයේ නැති බව ෂියා ජුන් කියයි.සියලූදෙනාටම ඔහු ස්තූති කරන්නේ හෘදයාංගමවය.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top