4,815 Views
දකුණු පළාතේ ඉතා දිළිඳු ප්‍රදේශයක් වන හෙබෙයිහි ජීවත් වන චීන ජාතිකයින්ට චීන ජාතික තරුණියක විවාහ කර ගැනීමට නම් විශාල ධනයක් පෙන්වීමට සිදු වන බැවින් වියට්නාමය වැනි රටවල තරුණියන් මිලදී ගෙන විවාහ වීම සුලබව සිදු වෙමින් පවතී. චීන පොලිසිය පවසන්නේ අතුරුදහන් වූ නව විවාහක මනමාලියන් ඩොලර් දාසය දාහක මුදලකට චීන ජාතික පුද්ගලයන්ට ලබා දුන් ජාවාරම්කාර මගුල් කපුවා ද අතුරුදහන් වී ඇති බවයි.
මේ වන විට පොලිසිය විසින් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ දියත් කර ඇත. වියට්නාම් මනමාලියන් අතුරුදහන් වීම පිටුපස සංවිධානාත්මක අපරාධ කල්ලි සිටින බවයි චීනයේ දකුණු පළාත් බලධාරීන් කියා සිටින්නේ.