ඔස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස්ට මාරාන්තික බවුන්සර් පන්දුව යොමු කළ ෂෝන් ඇබට් හෙට එම ක්‍රීඩාංගණයේදී ම තරගයකට සහභාගි වීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ක්වීන්ස්ලන්ඩ් කණ්ඩායමට එරෙහිව ඔහු නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
ෆිල් හියුස්ගේ මරණයෙන් පසු දැඩි මානසික අවපීඩනයකට ලක්ව සිටි ෂෝන් ඇබට් එම සිද්ධියෙන් පසුව සහභාගි වන පළමු තරගය මෙය වේ.
කෙසේ වෙතත්, ඔහුගේ සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නොමැත.
ඔහුට මානසික අස්වැසිල්ලක් ලබා දීම සඳහා ෆිල් හියුස්ගේ පවුලේ ඥාතීන් පවා උත්සහ කර තිබිණි.
සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ, ෂෝන් ඇබට් මානසික අවපීඩනයෙන් මුදවා ගැනීම සඳහා ඔහු තරගවලට සහභාගි කරවිය යුතු බව ය.