විවාහ අපේක්ෂාවෙන් පසු වූ යුවල් 2000 ක් එක් කරමින් පසුගියදා අපූරු මංගල්‍ය උත්සවයක් බ්‍රසිලයේ පැවැත් විය.
බ්‍රසිලයේ රියෝද ජැනයිරෝ නගරයේ එක්තරා ගෘහස්ත ක්‍රිඩාංගනයක මෙය සංවිධානය කර තිබුණි.
බ්‍රසීලයේ බලදාරීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මේ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ අධික වියදමක් දරා විවාහ උත්සවයක් පැවැත්විය නොහැකි පිරිස් වෙත ලබා දිය හැකි හොඳම අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
මේ සඳහා මංගල යුවල්වල 12000 ක් පමණ ඥාති පිරිසකුත් එකතු වී හිඳ ඇති බවත් සඳහන්. විශේෂත්වය නම්, බ්‍රසීල් බලධාරීන් පෙන්වා දෙන්නේ නොකඩවා සංවිධානය කෙරෙන මෙම මංගල උත්සවය සඳහා මාසිකව ඇ.ඩො $1,000 හො යූරෝ (£640) ක ආදායමක් ලැබෙන යුවල් වෙත බ්‍රසීලය ලබාදී ඇති තිළිණයක් බවයි.
මෙම උත්සවය බ්‍රසීල භාෂාවෙන් "Dia do Sim" ලෙස නම් කර ඇති අතර එහි ඉංග්‍රිසි අර්ථය වන්නේ "I Do Day" යි.


