Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"වෛද්‍ය මතය බොරු කල දෙබඩි මුහුණු බළලා"

"වෛද්‍ය මතය බොරු කල දෙබඩි මුහුණු බළලා" - "වෛද්‍ය මතය බොරු කල දෙබඩි මුහුණු බළලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,648 Views
 පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට සමත්වූ ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ නම් දෙබඩි මුහුණු බළලා පසුගියදා මිය ගියේය.
මිය යෑමට හේතුව පිළිකාවක් බව සදහන්ය.

ෆ‍්‍රෑන්ක් හා ලූවී ගේ ස්වාමිදුවණිය වන මාර්ටි ස්ටීවන්ස් පවසන්නේ මිය යනු ඇතැයිද,ජීවත් වුවත් වදයක් වනු ඇතැයිද බොහෝ දෙනා පැවසූ මුත් තම සුරතලා ඉතා සුවපත්,සැපවත් ජීවිතයක් ගත කළ බවයි.

පශු වෛද්‍ය හෙදියක ලෙස සේවය කරන මාර්ටිට ෆ‍්‍රෑන්ක් හා ලූවී හමුවී තිබෙන්නේද අහම්බෙනි.දිනක් ඇය සේවය කරමින් සිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අයෙක් මේ දෙබඩි මුහුණු බළලා ඉදිරිපත් කර අනායාස මරණයක් අත්කර දෙන මෙන් ඉල්ලා තිබේ.

නමුත් මාර්ටි කර ඇත්තේ ඔහුගෙන් බළලා ඉල්ලාගෙන තම භාරයට ගැනීමයි.

බළලා ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ ලෙස නම් කර තිබෙන්නේද මාර්ටිමය.

මුහුණු දෙකක් තිබුණද ෆ‍්‍රෑන්ක් හා ලූවීට තිබුණේ එක් මොළයකි.ඇස් 4 ක් පිහිටා මෙන් තිබුණත් හිස දෙපස ඇස් හැරෙන්නට මුහුණු දෙක බද්ධවී තිබුණු තැන ඇස් හරිහැටි වර්ධනයව නොතිබුණි.මුඛයන් දෙකක් තිබුණත් ආහාර ගැනීමේ හැකියාව තිබුණේ ෆ‍්‍රෑන්ක්ට පමණි.ඒ තිබුණු එකම අන්නස්‍රෝතය සම්බන්ධවී තිබුණේ ඔහුගේ මුඛයට වීම නිසාය.

මෙවන් බළලූන් හැදින්වෙන්නේ ‘‘ජානුස්‘‘ බළලූන් ලෙසය. ජානුස් නම් හිස් දෙකෙක් පැවති බව කියන ග්‍රීක දෙවියෙකුගේ නම ඔවුන්ට පබැදී ඇත.

ජානුස් බළලූන්ට වැඩි ආයු කාලයක් නැතැයි සැළකෙන මුත් ෆ‍්‍රෑන්ක් හා ලූවීට එය අදාළ නොවන සෙයකි.

තම සුරතලාගේ නික්මයෑම නිසා තමන් තවමත් සිටින්නේ කම්පනයෙන් බව මාර්ටි කියයි.නමුත් නැවත වරක් අවස්ථාව ලැබුණෙහොත් ජානුස් බළලෙක් රැගෙන හදාවඩා ගන්නා බව ඇය පවසයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top