Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
07
"හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට ආ සුනඛයා"

"හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට ආ සුනඛයා" - "හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට ආ සුනඛයා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,150 Views
තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලියක ගැන සර්බියාවෙන් වාර්තා වේ
මාෂා නම් සුරතල් නමින් හැදින්වෙන මේ ඩෑෂ්හවුන්ඞ් වර්ගයට අයත් බැල්ලියගේ ස්වාමියාව සිටියේ විශ‍්‍රාමිකයෙකි. ඔහු මීට අවුරුදු 2 කට පෙර හදිසි රෝගාබාධ තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කෙරී තිබෙන අතර ඔහු රෝහලේදීම මියගොස් ඇත.

මේ බව මාෂා නොදන්නීය. ඇයට කියාදීමටද රෝහලේ කාර්යමණ්ඩලයට නොහැකිය. කිහිපවරක්ම ඔවුන් ඇයට නව නිවසක් සොයාදුන්නද ඇය ඒ සෑම අවස්ථාවකම පැන විත් රෝහලටම පැමිණ ඇත්තීය.

මාෂා රෝහලේ සිටින්නේ උදය කාලයේදී පමණක් වීමද විශේෂය.ඇය රාති‍්‍රයේ තම මියගිය ස්වාමියාගේ නිවස මුර කිරීමට යන්නීය.තම රාජකාරිය නිමවා ඇය වහාම පැමිණෙන්නේ රෝහලටය.

තම ස්වාමියා පැමිණෙන තෙක් වසර 10 ක් දුම්රියපළට වී බලා සිටි ජපානයේ හචිකෝ හා මාෂා සමාන කිරීමට මාධ්‍ය කටයුතු කර තිබේ.රුසියාවේ ඇය දැන් හැදින්වෙන්නේ ‘‘රුසියාවේ හචිකෝ‘‘ ලෙසය.

රෝහල් කාර්යමණ්ඩලය ඇයට ආදරයම දක්වති. ඇය වෙනුවෙන් සයනයක් පිළියෙල කර දීමටද ඇය රෝහලට පැමිණෙන අවස්ථාවේදී කෑමට යමක් තැබීමටද ඔවුහු කටයුතු කරති.

‘‘පේනවද ඇයගේ ඇස්. ඒවා දිළිසෙනවා. සාමාන්‍යයෙන් බල්ලෙකුගේ ඇස් ඒ විදිහට දිළිසෙන්නේ නැහැ.ඇය හඩනවා.සතුන්ටත් අපට වගේම හැගීම් දැනීම් තිබෙනවා.අනාගතයේ කවුරුන් හෝ මාෂාගේ ආදරය දිනාගනීවි  කියලා මගේ විශ්වාසයක් තිබෙනවා.එතකම් ඇයව අපි බලා ගන්නවා‘‘ යැයි පවසන්නේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ව්ලැදිමිර් බෙෂ්පොලොව්ය

 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top