බංග්ලාදේශයේ පිරිසක් විසින් නවතම වාර්තාවක් තැබීම උදෙසා ලොව වැඩිම පිරිසක් සහභාගී වූ සෙල්ෆි ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් කිරීමට මේ වන විට කටයුතු කොට තිබේ. මේ සඳහා සහභාගී වී ඇති පිරිස 1151 වේ.
ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5කින් යුත් දුරකථනයකින් මෙම ඡායාරූපය ගෙන ඇති අතර මේ වන විට එය ෆෙස්බුක් සමාජජාල වෙබ් අඩවිය පුරා මිතුරන්
අතර සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. මේ වන විට ලොව ජනප්‍රියමසෙල්ෆි ඡායාරූපය ලෙස වාර්තා වී ඇත්තේ ධිජ්ර සම්මාන උළලේදී ලබාගත් Ellen DeGeneresගේ සෙල්ෆියයි.
එය ටුවිටර් වෙඩ් අඩවියේ Retweet මිලියන 3.37ක් හා Favorites මිලියන 2.01ක් ලබාගෙන ඇත. කෙසේ නමුත් බංග්ලාදේශයේදී ලබාගත් මෙම සෙල්ෆි ඡායාරූපය ලොව වැඩිම පිරිසක් සහභාගී වූ සෙල්ෆිය ලෙස වාර්තා අතරට එක්වනු ඇති බවට බොහෝ මත පළවී තිබේ. කෙසේ නමුත් මෙය තවමත් ගිනස් වාර්තාවක් ලෙස නම්කොට නැත.