Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
05
අපි නොදන්න අමුතුම නත්තල් සිරිත්

christmas - අපි නොදන්න අමුතුම නත්තල් සිරිත්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,618 Views
කිතු උපත සමරමින් දෙසැම්බර් 25 වැනිදා පැවැත්වෙන නත්තල යනු ලොව පුරා කිතුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වශයෙන් සඳහන් කළ හැකිය. දෙසැම්බර් මාසය එළැඹෙත්ම නත්තගේ අසිරිය කෙමෙන් දිස්වන්නට පටන්ගනී. ලොව පුරා වූ ඇතැම් කිතුනුවන් නත්තල සැමරීමේදී ඔවුනට ආවේණික අපූරු සිරිත් විරිත් අනුගමනය කරනා බැව් පෙනෙන්ට තිබේ. අප දැන් කතා බහ කරන්නට සැරසෙන්නේ ඒවා පිළිබඳවය.


කොස්ස සඟවන නෝර්වේ

    



නෝර්වීජියානුවන් විශ්වාස කරන්නේ නත්තල් සමයේදී නපුරු ආත්මයන් හා මායාකාරියන්ගේ පැමිණීම ද සිදුවන බවය. නෝර්වේ හි ගැමියන් අතර මේ විශ්වාසය තදින්ම පවතින අතර ඔවුන් කරන්නේ නින්දට පෙර නිවසේ ඇති සියලුම කොසු සැඟවීමය. එයට හේතුව මායාකාරියන් අහසේ ගමන් කිරීම ඇතුළු බොහෝ දේ සඳහා කොසු  යොදාගන්නා නිසාය. නත්තල් සමයෙන් පසු නිවසට අලුත් කොසු ගෙනැවිත් මෙම පරණ කොසු ගසක් පාමුළ කඩා දමනු ලබයි.

රෝද සවිකළ පාවහන්වලින් පල්ලියට






මේ අපූරු සිරිත ඇසෙන්නේ වෙනිසියුලාවේ කැරාකස් අගනුවරිනි. නත්තල උදාවන්නට සතියටකට පමණ පෙර සිට මෙම නගර වැසියෝ ‘අලුයම් පූජාවට‘ සහභාගීවන්නට යති. මෙහි ඇති අපූරු කරුණ නම් මේ සියලු දෙනාම පල්ලියට යන්නේ රෝද සවිකළ පාවහන් පැළැඳගෙනවීමය. මෙය සෑහෙන කාලයක සිට බොහෝ දෙනෙකු අතර ප්ර චලිත පුරුද්දක් බවට පත්ව ඇති අතර, ඔවුනට ආරක්ෂිතව පල්ලියට යාම සඳහා නගරයේ වීදි සියල්ලක්ම වසා තැබීම ද සිදු වේ.

නත්තල් යක්ෂයින්






නත්තල් යක්ෂයින් පිළිබඳ අපට ඇසෙන්නේ ඔස්ට්‍රියාවෙනි. එහි නත්තල් සීයා වූ සාන්ත නිකුලස්හට ‘ක්‍රැම්පුස්‘ නමින් යක්ෂ සඟයකු ද සිටී. ඔහු නරකයකු වන අතර සාන්ත නිකුලස් යහපත් ක්‍රියා සිදු කරයි. යක්ෂයා විසින් සිදුකරන්නේ නත්තලට පෙර නරක දරුවන්ට දඬුවම් කිරීමය. යක්ෂයින් සේ සැරසුණු පිරිම් නත්තල් සමයේදී වීදිවල සැරිසරනු දැකිය හැකිය. ඔවුන් අත දරුවන්ට දඬුවම් කිරීම සඳහා වේවැලක් තිබේ. එමෙන්ම ඔහු සතුව කූඩයක් ද තිබේ. නරක දරුවන් එයට දමාගෙන අපායට ගෙනයන බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ පුරුද්ද ඔවුන් ඇතිකරගෙන ඇත්තේ උත්සව සමයේදී දරුවන් වීදීවලට පැමිණීම වැළැක්වීම පිණිස යැයි කියනු ලැබේ.

කැටලෝනියානුවන්ගේ ගුටිකන කොටය



කැටලෝනියානුවන් යනු ස්පාඤ්ඤයේ වෙසෙන එක්තරා ස්වාධීන ජනකොට්ඨාසයකි. ඔවුන් ගසකින් කොටයක් කපා එහි පැත්තක මුහුණක් සිතුවම් කරයි. එයට හිස්වැසුමක් ද පළඳවයි. ඉන්පසු නත්තලට පෙර සති දෙකක් තිස්සේ එයට විවිධ කෑම බීම කවයි. කෑම බීම කැවිය හැකි සේ මෙම මුහුණේ මුඛය කොටය තුළට කුහරයක් සේ සාරා තිබේ. නත්තල් දිනයේදී පවුලේ සියලු දෙන එක්වී නත්තල් ගී ගයමින් මෙම කොටයට පොලුවලින් පහර දෙති. සති දෙකක් තිස්සේ මෙම කොටයට ‘කවන‘ ලද කෑම පිටතට පැමිණෙන තුරුම පහර දෙනු ලබයි. මෙවැනි සම්ප්‍රදායයක් ඇතිව්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ග්‍රීන්ලන්තයේ අමතක නොවන නත්තල් කෑම

 




ග්‍රීන්ලන්තයේ මෙම අපූරු නත්තල් රාත්‍රී ආහාර වේල පිළිබඳ නොකියාම බැරිය. සීල් මත්ස්යදයකුගේ සමින් ඔතන ලද ‘ඕක්‘ නම් කුඩා ආක්ටික් පක්ෂියකු තෙල් මන්ද තරමක් ඇති තල්මසු සමකින් නැවත වතාවක් ඔතයි. මෙය නත්තලට මාස කිහිපයකට පෙර වළලනු ලබන අතර නත්තල් දිනයේදී එය ගොඩට ගෙන ඒ වන විටත් කුණුවෙමින් පවතින මස් අනුභව කරයි.

නිවසේ පිරිසිදු බව සොයන ගෝතමාලාව


කුණු ගොඩවල් මත තබන යක්ෂ අනුරූ වෙළෙඳ පළේ අළෙවියට තබා තිබේ

ගෝතමාලාවේ පිරිසිදු කම යනු දෙවියන් හා සමාන දෙයකැයි විශ්වාස කරනු ලබයි. ඔවුනගේ විශ්වාසයන්ට අනුව යක්ෂයින් හා දුෂ්ට ආත්මයන් කුණුවල හා අඳුරු ස්ථානවල ජීවත් වේ. ඔවුහු නත්තලට සතියකට පමණ පෙර සිටම නිවෙස් පිරිසිදු කරන්නට පටන් ගනිති. මේ කුණු සියල්ල නිවසෙන් පිටතට ගොඩක් ගසා එහි මුදුනේ යක්ෂයකුගේ අනුරුවක් තබයි. ඉන්පසු මෙයට ගිනි තබයි. මෙය හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාට ගිනි තැබීම‘ (Quema del Diablo) යනුවෙනි. නත්තල යක්ෂයන්ගෙන් තොරව සැමරිය හැකිකේ එවිට පමණක් බව ඔවුනගේ විශ්වාසයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top