Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට රොනල්ඩෝ-මෙසී සටනක"

"වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට රොනල්ඩෝ-මෙසී සටනක" - "වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට රොනල්ඩෝ-මෙසී සටනක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,328 Views
වසර 6ක් පුරා ‍ලෝක පාපන්දු සම්මේලනයේ වසරේ ක්‍රීඩකයා සම්මානය බෙදාහදා ගත් ආජන්ටිනාවේ ලියොනල් මෙසී හා ස්පාඤ්ඤයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මෙවර ද එම සම්මානය අත්කර ගැනීමේ සටනට පිවිස සිටිති.


මේ අතර ලෝක ශූර ජර්මනියේ දැල් රකින්නා වන මැනුවල් නියුර් ද වසරේ ක්‍රීඩකයා සඳහා වන කෙටි ලැයිස්තුවට ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ක්‍රීඩකයා සම්මානය දිනූ 29හැවිරිදි රොනල්ඩෝ මීට පෙර 2008 දී ද මේ සම්මානයට හිමිකම් කී අතර 2011 හා 2012 අනුශූරයා බවට පත්වූයේ මෙසීට පිට පිට දෙවසරෙහිම වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර දෙමිනි.

පසුගිය වසරේ රොනල්ඩෝට දෙවැනි වූ මෙසී මෙවර එම සම්මානය නැවත වතාවක් අත්කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ඔහු අවස්ථා 4කදී වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගනිමින් වැඩිම වාර ගණනක් එම සම්මානයට හිමිකම් කී ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්වී සිටී‍.

27 හැවිරිදි මෙසී පළමුවරට මේ සම්මානයට හිමිකම් කීවේ 2009 වසරේදීය. පසුගිය ලෝක පාපන්දු තරගමාලාවේ කැපී පෙනෙන දැල් රකින්නා බවට පත්වූ නියූර් මෙවර එම සම්මානය දිනා ගැනීමට සමත්වුවහොත් වසරේ ක්‍රීඩකයා සම්මානය දිනූ ලොව දෙවැනි දැල් රකින්නා ලෙස වාර්තාපොතට එක්වනු ඇත.

මීට පෙර රුසියාවේ ලෙව් යෂීන් එම සම්මානයට හිමිකම් කීවේය. ලබන වසරේ ජනවාරි මස 12වැනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර දී වසරේ ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top