තමන්ගේ ශරීරයේ බර අඩු කරගන්නා පුද්ගලයින්ට රත්තරනින් තෑගිලබා දෙන පුවතක් ඩුබායි රාජ්‍යයෙන් වාර්තා වූනා. ඩුබායි නුවර තරබාරු පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය වූ මෙම තරගයේදී
සිය ශරීරයේ බර කිලෝ ග්‍රෑම් එකකින් අඩු කරගතහොත් තෑගි ලෙස රත්තන් ග්‍රෑම් දෙකක් ලැබෙනවලු.ඩුබායි නගර සභාව සංවිධානය කල මේ තරගයට අදාලව මේ වසරේදී ජයග්‍රහකයින් 75 000 ක් වාර්තා වී තිබෙනවා. ඔවුන් අතර මේ ආකාරයට රත්තරන් කිලෝ ග්‍රෑම් 40ක ප්‍රමාණයක් බෙදා දී තිබෙන අතර ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 වෙන බවද සදහන්.