India’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක් ලෙස කටයුතු කල Gauhar Khan නැමැති කාන්තාවකට පුද්ගලයෙක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.
අකීල් මලික් නැමැති වයස 24ක් පමණ වන පුද්ගලයාද මෙම අවසන් වටයේ reality වැඩසටහන නැරඹීමට පැමිණ සිට ඇති අතර ඔහු එක් විටම වේදිකාව වෙත ගොස් නිවේදිකාව සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදී ඇති අතර ඉන් පසුව ඇයට කම්මුල් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු පොලිස් භාරයට ගෙන ඇති අතර පහරදීම සම්බන්ධයෙන් අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් පහරදුන් පුද්ගලයා පවසා ඇත්තේ Gauhar Khan නැමැති නිවේදිකාව මුස්ලිම් ආගමික කාන්තාවක් වන බවත් ඇය විසින් ශරීරය නිරාවරණය වන පරිදි කොටට ඇඳගෙන සිටීම හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවත්ය.