ජලය පෙට්‍රෝලියම් ඉන්ධන බවට පත්කළ හැකි යන්ත‍්‍රයක් නිපදවිමට ජර්මානු රසායන විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
සන්ෆයර් ජී.එම්.බී.එච් සමාගමේ සම නිර්මාතෘ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නිල්ස් අල්ඩාග් පවසා ඇත්තේ කාර්, දුරකථන ආදිය සඳහා ඉන්ධන නිෂ්පාදනය කරන ආකාරය මෙන්ම රසායන කර්මාන්තයම පෙරළිකාර වෙනසකට බඳුන් කරන හෙයින් මෙය ආශ්චර්යයක් බවයි.
විදුලියෙන් ක‍්‍රියාත්මක වන මෙම යන්ත‍්‍රය 1925දී ජර්මානු ජාතික විද්‍යාඥයින් දෙපළක් වන ෆ‍්‍රාන්ස් ෆිචර් සහ හාන්ස් ට්‍රොප්ෂ් විසින් සොයාගත් ෆිචර්-ට්‍රොප්ෂ් ප‍්‍රතික‍්‍රියාව භාවිතා කරනු ලබයි.
ෆිචර්-ට්‍රොප්ෂ් ප‍්‍රතික‍්‍රියාව මගින් ජලය වාෂ්ප නිස්සාරණයෙන් ලබාගන්නා අවර්ණ, ගන්ධ රහිත, දාහ්‍ය නොවන වායුවක් වන කාබන් ඩයොක්සයිඞ් වි ද්‍යුත් විච්ඡ්දනයෙන් ඞීසල්, ජෙට් කෙරොසීන් සහ වෙනත් රසායනික සංයෝග නිෂ්පාදනය කරනු ලබයි.
මෙම පරිවර්තනය සිදුකෙරෙන්නේ සෙල්සියස් අංශක 150-300 අතර උෂ්ණත්වයක ක‍්‍රියාත්මක වන ප‍්‍රතික‍්‍රියක ගණනාවක් මගිනි.
කෙසේවෙතත් මෙම තාක්‍ෂණයෙන් ඉන්ධන නිපදවීම සාමාන්‍ය ඛනිජ ඉන්ධන නිස්සාරණයට වඩා වියදම් අධික වනු ඇති බව අල්ඩාග්ගේ අදහසයි.
මෙමගින් ඉන්ධන ප‍්‍රවාහනය සඳහා වන වියදම සම්පූර්ණයෙන් කපා හැරීම මගින් ඇතැම් නිශ්චිත අවස්ථාවන්හිදී වඩා ලාභදායී සහ පහසු ආකාරයකට අවශ්‍ය ඉන්ධන නිපදවාගැනීමට අවකාශ සලසනු ඇති බවද ඔහු පවසා තිබේ.