4,458 Views
බස්රථ තුලදී සිදුවන කාන්තා හිංසනයන් පිළිබඳව පසුගිය කාලය පුරාම නන්දෙසින් කතාබහට ලක්වුනා. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ ඉන්දියාවේ බස් රථයකදී තරුණියක්ව දූෂණය කිරීමේ සිදුවීමයි.
එලෙසින්ම බස්රථයක තරුණියකට හිරිහැර කිරීමට උත්සාහ කල තරුණයෙක් පිළිබඳව පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඔහු විසින් තවත් තරුණයන් කීපදෙනෙකු සමඟ බසයේ සිටි තරුණියක්ට මෙලෙස හිරිහැර කර ඇති අතර ඔහු නොසිතූ පරිදි තරුණියන් දෙදෙනෙකු විසින් බස් රථය තුලදී එම ක්‍රියාවට විරෝධය පාමින් ප්‍රහාරයක් එල්ල කොට ඇත.
මෙලෙස තරුණයන්ගේ හිරිහැර වලට එරෙහිව නැගී සිටිම සම්බන්ධයෙන් තරුණියන්ට සමාජ ජාල වෙඩ් අඩවි ඔස්සේ මේ වන විට ප්‍රසංශා හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. කෙසේ නමුත් බස් රථයේ සිටි අනෙක් පිරිස මේ සිදුවීමට සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබේ.
එම වීඩියෝව පහතින්...