Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
01
ප්‍රියංකා චෝප්රාට එරෙහිව ලිංගික ජාවාරම් චෝදනා

Priyanka Chopra - ප්‍රියංකා චෝප්රාට එරෙහිව ලිංගික ජාවාරම් චෝදනාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,553 Views

පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප‍්‍රදේශයේ ‘Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘Charisma Spa’ රූපලාවන්‍යාගාරය වැටලූ පසුව එහි ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.  

පසුව මෙම ස්ථානය පවත්වාගෙන ගිය එහි කළමණාකරුවා වූ ‘දිනේෂ් චන්ද්‍රකාන්ත්’ නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම ස්ථානය පවත්වාගෙන ගියද මෙම ස්ථානයේ සැබෑ හිමිකාරිනිය වී ඇත්තේ බොලිවුඩ් සුපිරි නිළි පි‍්‍රයංකා චෝප්රා බවයි අනාවරණය වන්නේ.

 ‘Vastu Precinct’ ගොඩනැගිල්ලේ මෙම සම්පූර්ණ තට්ටුවේම හිමිකාරිනිය වන්නේ පි‍්‍රයංකා චෝප්රා වනවා. ඇයගේ මවට අයත් වෛද්‍ය සායනයද මෙම රූපලාවන්‍යාගාරයට යාබදවයි පවත්වාගෙන ගොස් ඇත්තේ.

මෙම රූපලාවාන්‍යාගාරය ආරම්භ කිරිමට ගොඩනැගිල්ලේ කොටසක් කුලී පදනම යටතේ ප‍්‍රියංකා චෝප්රා විසින් මනික් සෝනි නම් පුද්ගලයෙකුට ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. නමුත් මේ වන විටත් මනික් සෝනි නම් පුද්ගලයා සොයා ගැනීමට පොලීසිය අසමත්වී තිබෙනවා. රූපාලාවන්‍යාගාරයේ ලියකියවිලි ඔහු භාරයේ ඇති නිසා මනික් සෝනි සොයාගත් පසුව කරුණු සලකා බලා පි‍්‍රයංකාට එරෙහිව කි‍්‍රයාකරන බවයි පොලීසිය පවසන්නේ.මේ පිළිබදව කරුණු දැනගැනීමට ඉන්දියානු මාධ්‍ය පි‍්‍රයංකාව සම්භන්ධ කරගැනීමට උත්සහ කර ඇතත් එය මේ වන තුරුම සාර්ථක වී නැහැ.

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top