Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
01
මිලියන 37 එපා කී ක්‍රීඩකයා ගොවිතැනට

jason brown - මිලියන 37 එපා කී ක්‍රීඩකයා ගොවිතැනටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,336 Views

ඩොලර් මිලියන ගණනක් හිමි කරගැනීම බොහෝ ඇමරිකානුවන්ගේ සිහිනයක් වුවත් හිටපු ඇමරිකානු පාපන්දු ක‍්‍රීඩකයකු වන ජේසන් බ‍්‍රවුන් ඒ සියල්ල අතහැර දමා ගොවියකු ලෙස ජීවත්වීම තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

පාපන්දු ලීගයේ මැද පෙළ ක‍්‍රීඩකයකුවූ ජේසන් 2009දී ශාන්ත ලූයිස් රැම්ස් කණ්ඩායම සමග වසර 5ක කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කළ අතර ඒ සඳහා ඔහුට ලැබුණු මුදල ඩොලර් මිලියන 37.5කි.

2012දී කණ්ඩායමෙන් මුදාහැරුණු ඔහු මිලදී ගැනීම සඳහා බොහෝ පාපන්දු කණ්ඩායම් උත්සහ දරමින් සිටියද ඔහු ඒ සියල්ල අතහැර දමමින් ගොවිතැනට බට බව පැවසේ.

ජේසන් බ‍්‍රවුන් පවසා ඇත්තේ තමන් ජීවිතයේ විශාලතම වරද සිදුකරන බව සිය නියෝජිතයා තමන්ට පැවසූ නමුත් තමන් එය නොපිළිගත් බවයි.
තමන් කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිවක් නොදැන සිටි බවත් තමන් යූ ටියුබ් වීඩියෝ නරඹමින් ගොවිතැන හැදෑරූ බවත් ඔහු පවසා තිබේ.

ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගිය ජේසන් උතුරු කැරොලිනාවේ අක්කර 1000ක ගොවිපළක් මිලදී ගෙන ඇති අතර එහි අස්වැන්න සුභසාධන සංවිධාන වලට ලබාදීම ඔහුගේ අරමුණයි.

මේ වන විට ඔහු අර්තාපල් රාත්තල් ලක්‍ෂයක අස්වනු නෙළීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ජේසන් බ‍්‍රවුන් පවසා ඇත්තේ සිය අස්වැන්න ඔහුට ඉහළම ප‍්‍රීතියක් ගෙන එන බවයි.  කිසිවිටක ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යාම පිළිබඳව පසුතැවිලි නොවන බවද ඔහු පවසා තිබේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top