4,372 Views
එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර තරඟ 7 කින්සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කොළඹ ආර්. පේ‍්‍රමදාසක‍්‍රීඩාංගණයේදී අද දවසේදි පැවැත්වුණා. වර්ෂාව හේතුවෙන් අද තරඟය ආරම්භ වුණේ පැයකප‍්‍රමාදයකින් පසුවයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමනියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්තා.ටී.එම්. දිල්ෂාන් 88 යි. කුසල් ජනිත් 59 යි. මහේල ජයවර්ධන 55 යි.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකල එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 47 පන්දු එකකදී සියළුදෙනා දැවි ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 292 පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25 ජයක් අත්වුණා.
තරග පහට බිංදුවක් ලෙස ඉන්දිය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වුවත් මේ තරගයේදී පිතිහරඹයේදි මෙන්ම පන්දු රැකීමෙදිත් ඉහළ දක්ෂතා පෙන්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක් වුණා.
තරගයේ ලකුණු සටහන පහතින්