Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
26
"උපන් ලප වලින් කියවෙන රහස්'

"උපන් ලප වලින් කියවෙන රහස්' - "උපන් ලප වලින් කියවෙන රහස්'Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

32,225 Views


*හිස මත උපන් ලප පිහිට තිබීම.

ඉතා සමාජශීලි පුද්ගලයෙකි. විවාහ වන සහකාරිය හෝ සහකරු ඉතා දැකුම්කළු රුවැති අයෙක් වෙයි. සැලකිය යුතු ධනස්කන්ධය උරුමකම් කියයි.

*නළල මැද උපන්ලප පිහිටීම.

දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇත. ආගමික පැත්තට නැඹුරුවේ. නිවාස , ඉඩකඩම් ලැබීමට හැක. ඉතාසාර්ථක යුග දිවියකට උරුම කම් කියයි. පින්වත් දරුවන් ලබයි.

*ඇහි බැම මත උපන් ලප පිහිටීම.

හිතුවක්කාර අයෙකි. අඩු වයසින් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනයි . තනි තීරණයක් මත විවාහය සිදුවේ. විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.ලස්සනට සිටීමට ඉතා කැමතිය. අනියම් සම්බන්ධතා ඇතිවේ.

දකුණු ඇහි බැමෙහි ලපයක් පවතීනම් ධන හා සැපසම්පත් ලැබීමටද ඉතා යහපත් පුරුෂයන් ලැබීමටද දීර්ඝ කාලයක් නිරෝගී සුවෙන් සිටීමටද හේතුවේ.

*වම කම්මුලේ උපන් ලප පිහිටීම.

ඉතා වසනාවන්ත වේ. උසස් අධ්‍යාපනයක් ලැබීමට තරම් භාග්‍යවන්ත වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට නිබඳව ලක්වේ. විවාහය සාර්ථක වේ . නමුත් යම් යම් කරදර වලට මුහුණ දීමට සිදුවේ.


*දකුණු කම්මුලේ උපන්ලප පිහිටීම.

දකුණු කම්මුලෙහි උපන් ලප වැඩිනම් වාසනාවන්ත කාලයක් උදාවන අතර සාර්ථක විවාහයක පදනමක්ද සකස් වේ.

*නාසයත් මුඛයත් අතර උපන් ලප පිහිටීම.

ඉහල නිල තල දැරීමට තරම් වාසනාවන්ත අයෙක් වේ. පුද්ගලයන් පරිපාලනය කිරීමට මන හැකියාවක් ඇත. ඉතා ඉක්මනින් කේන්ති යයි.

*නාසයේ උපන් ලප පිහිටීම.

මෙවැනි පුද්ගලයන් ඉතා සෙල්ලකාර වේ. ඉතා අවංක යහපත් සිතුවිලි වලින් යුක්ත වුවන් වේ.

*නිකටේ උපන් ලප පිහිටීම.

කලාකාමී පුද්ගලයන් වේ. කල කටයුතු වලට විශේෂ හැකියාවක් දක්වයි. විවාහයට තරමක් බාධා පවතියි. තරමක් කාමාධිකාවේ.මාන්නාධික බවින්ද යුක්තවේ.

*බෙල්ලේ උපන්ලප පිහිටීම.

විවාහය ප්‍රමාද වේ.විවාහ සැප සම්පත් අඩුවී යාමට හේතු වන අතර නිතර සිත් වේදනාවෙන් පසුවෙන තැනැත්තියක වෙයි. විවිධ රැකියා කිරීමට සිදුවේ. ධනය හිඟ වේ. රෝගාබාධ ඇතිවේ.දරු සම්පත් අඩුවීමටද හේතුවනු ඇත.

*උරහිස මත හා පපුවේ උපන් ලප පිහිටීම.

මෙය සුභ ඵල ගෙන නොදෙන පිහිටීමකි. බොරුවෙන් අන් ය රැවටීමට ඉතා දක්ෂ වේ. තම සතු ධනයද විනාශ කර ගනයි.

*පෙකනියේ උපන්ලප පිහිටීම.

ඉතා අසුභ ඵල ගෙන දෙන පිහිටීමකි.රිය අනතුරු වලට ලක්වීමට ඉඩ ඇත. දුප්පත් වෙයි. ශල්‍යකර්මවලට භාජනය වීමට සිදුවේ.

උදරයේ වෙනත් ස්ථානයක ලප පිහිටිනම් ක්‍රමයෙන් දියුණුව කරා යන බවට සලකුණකි.

*අතේ මැණික් කටුවේ උපන් ලප පැවතීම.

අතේ මැණික් කටුවෙහි ලපයක් පවතීනම් කීකරු ,අවංක , සංවරශීලි ලෙස ජිවත්වන අයෙක් වේ. එමෙන්ම ඇත දෙකෙහිම මැණික් කටුවෙහි ලප පවතීනම් මැණික්, ඉඩකඩම් දේපල ආදිය ලැබීමට හිමිකම් කියයි.

*ඇඟිලි වල උපන් ලප පැවතීම.

පෙර පිනෙන් රැකිරක්ෂා දියුණුව හා දේපල ඉඩකඩම් ලැබේ.

*පාද මත උපන් ලප පිහිටීම.

ඉතා අවාසනාවන්ත පිහිටීමකි. මාපට ඇඟිල්ලේ උපන් ලප පිහිටි පුද්ගලයන් නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල යෙදේ. සංවර ගති වලින් තොර වේ. කලාව වල පිහිටීම වාසනාව, ධනය, නිධන් ලාභ ,කාමුක සැප අඩිය ගෙන දෙන්නකි.

මෙහි සඳහන් කල කවර හෝ තැනක උපන් ලප එකකට වැඩි සංඛ්‍යාවක් පිහිටියේ නම් එහි ප්‍රතිඵලය දෙගුණ තෙගුණ කරන්නෙකි. රතු හෝ රෝස පැහැ ලපනම් ඉක්මන් ප්‍රතිඵලද , කළු ලපනම් ප්‍රමාද වී ප්‍රතිඵල ලැබීමටද හේතුවනු ඇත.

යම් අයෙකුගේ සිරුරේ උපන් ලප 18කට වැඩි සංඛ්‍යාවක් ඇතිනම් ඉතා දුක්බර ජිවිතයක් ගත කිරීමට සිදුවේ. මෙවැනි අයගේ උපන් ලප සුභ දායක තැන වල පිහිටා තිබුනද ඉන් පලක් නොවේ. අධික වියදම් ඇත. එම නිසා රටට ණයකාරයෙක් වීමට සිදුවේ. අනෙකුත් පුද්ගලයන්ට යටත් වීමට සිදු වේ. අනෙකුත් අය සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාවක් නැත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top