Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
24
"ඇයගේ උකුලින් කියවෙන ඔබ නොදත් රහස්"

"ඇයගේ උකුලින් කියවෙන ඔබ නොදත් රහස්" - "ඇයගේ උකුලින් කියවෙන ඔබ නොදත් රහස්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,865 Views

ස්ත්‍රියකගේ උකුල බොහෝ තැන්වල, බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වන අංගයකි. කවිවල, ගී පදවල, ලේඛකයන්ගේ හර බර වදන්වල වර්ණනාවෙන්, වර්ණනාවට ලක්‌ වූ උකුල ස්ත්‍රියකගේ රූසපුව දෙගුණ තෙගුණ කරයි. නමුත් උකුල පිහිටන ආකාරය, හැඩය, ප්‍රමාණය ආදී සාධක සලකා බැලූ කල ස්ත්‍රී උකුලෙන් සුභ මෙන්ම අසුභ ගතිද පෙන්නුම් කරයි.

*සිහින් වූ ඉන හා පලල් වූ උකුල පිහිටි ස්‌ත්‍රිය,

විවිධ ශිල්පයන් හී දස්‌කම් දක්‌වන අතර කලාවට වැඩි දක්‍ෂතාවයක්‌ පෙන්නුම් කරයි. යස ඉසුරු බුක්‌ති විඳීමට ලැබෙන ස්ත්‍රියකි. යහපත් විවාහ ජීවිතයකට උරුමකම් කියන මොවුන්ගේ දරුවන්ද පවුලට හිතවත්, රටට වැඩදායී අය වේ.

*උකුල මත විසිරු උපන් ලප ඇති ස්ත්‍රිය (එකක්‌ හෝ කිහිපයක්‌)

මොවුන් ඉතා කාමාධිකය. නගර ශෝභිනියක්‌ සේ ජීවිකාව ගෙන යයි. කරදර, සිත්තැවුල් නිතැතින් උරුම වේ.

*රවුම් රෝදයක්‌ මෙන් මසින් පිරුණු රෝම සහිත උකුල,

මෙවැනි උකුලක්‌ පිහිටි ස්ත්‍රිය ප්‍රසිද්ධියට පත් වේ. කරන්නාවූ කුමන ක්‍රියාවකින් වුවද සමාජයේ කැපී පෙනීමට හා ජනප්‍රිය වීමට අවකාශ ලැබේ. මොවුන්ද කාමාධික ස්ත්‍රීන්ය.

*පළල් නොවූ මහත උකුලක්‌ පිහිටි ස්ත්‍රිය,

විරුද්ධ ලිංගිකයන් වශී කර ගනී. ඉතා කාමාධික මොවුන් පර පුරුෂ සේවනය අධික ලෙස කරයි. තවද මෙවන් ස්ත්‍රීන් තමනුත් පවු කර අන් අයවත් පවට දායක කර ගනී.

*රෝමයන්ගෙන් පිරී ගිය පටු උකුලක්‌ හිමි ස්ත්‍රිය,

තම තරාතිරමට නොගැලපෙන අයෙකු හා විවාහ වේ. කල්යත්ම විවාහය අසාර්ථක එකක්‌ බවට පත් වේ. නිතර අනුන්ගේ චෝදනාවලට ලක්‌වන මොවුන්ගේ බලාපොරොත්තු, සිහින බිඳ වැටේ. නිතර දුකින් පසුවන ස්ත්‍රියකි.

*උකුල පුළුල් වී ඉඟටියද මහත් වේ නම්,

මෙවන් ස්ත්‍රීන් දරදඬු ගති පෙන්නුම් කරයි. මොවුන්ගේ විවාහය අසාර්ථක වන අතර තම දරුවන්ද නොසලකා හරී. ජීවිතයේ අවසාන කාලයේ දුකට පත්වේ.

*මසින් පිරීගිය, පළල් උකුලක්‌ ඇති ස්ත්‍රිය,

මොවුන් සැපවත් ජීවිතයකට හිමිකම් කියයි. කරුණාවන්ත සිතක්‌ ඇති අනුන්ට පිහිට වන ස්ත්‍රියකි. සතුන්ට බොහෝ ආදරය කරයි. ලබන්නා වු දුවා දරුවන්ද වාසනාවන්ත අය වේ.

*කෘෂ වූ උකුලක්‌ හිමි ස්ත්‍රිය,

තම සැමියාගේ ආදරය, ගෞරවය කිසිවිට නොලබයි. විවාහය අසාර්ථක වන අතර සැමියා විසින් හැර දමනු ලබයි.

*ඉන මහත් වී උකුල කුඩා වීම

මෙවැනි පිහිටීමක්‌ ඇති ස්ත්‍රිය නිතර අඬදබර කරන අනුන්ගේ සැපතට ඊර්ෂයා කරන බොහෝ හිතුවක්‌කාර මුරණ්‌ඩු අයෙකි. කිසිවකු නියන දේ ගණන් නොගන්නා මොවුන් තනි මතයට වැඩ කිරීමට ගොස්‌ අමාරුවේ වැටේ.

*පැතැලි උකුලක්‌ පිහිටි ස්ත්‍රිය

බොහෝ කම්කටොලූවලට මුහුණ දෙන, සැප සම්පත් අඩු දිළිඳු ස්ත්‍රියකි. සැමියා සමග නිතර රණ්‌ඩු වී යුග දිවිය අසාර්ථක කර ගනී. පවට බිය නැති මොවුන් තම පවුලේ නම්බුව, ගෞරවය ගැන ද නොසිතයි.

*උකුලෙහි කැරලි ගැසුණු දල නළු රෝම තිබීම
මෙවන් ස්ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක එකක්‌ වේ. මොවුන්ට දරුවන්ද අඩු හෝ නැති වී යා හැක.

*මොලොක්‌ සේ ඇති රතු පැහැති රෝම ඇති උකුල (රන්වන් පැහැති රෝම)

මෙවන් ස්ත්‍රීන් වාසනාවන්ත විවාහ ජීවිතයකට උරුම කම් කියයි. සැමියාට වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කරන මැය යස ඉසුරු පිරි ජීවිතයක්‌ ගත කරයි. කිසිවෙකු සමග අමනාප නොවේ. නමුත් මොවුන් අයුක්‌තිය වෙනුවෙන් කථා කරන, අයුක්‌තියට හිස නොනමන අය වේ.

*උස්‌ වුද, මහත් වුද උකුලක්‌ හිමි ස්ත්‍රිය,

බොහෝ වාසනාවන්තය. පිරිස්‌ බලය සේවක සේවිකාවන්ගේ අඩුවක්‌ නැත. විවාහය සඳහා උසස්‌ නිලයක්‌ දරන කෙනෙකු හිමිවේ.

*උකුල මණ්‌ඩල වලින් යුක්‌ත වූ ස්ත්‍රිය

අප්‍රමාණ සැප සම්පත් ලබන අයෙකි. මෙවන් ස්ත්‍රියක්‌ ලබන සැමියා ඉතා වාසනාවන්ත අයෙකි. මොවුන් සජත භාර්යාවන්ගෙන් මාතෘ භාර්යාගණයට වැටේ.

*උකුල දිගටි වී උපන් ස්ත්‍රිය,

මොවුන් ජීවිතයේ අපමණ දුක්‌ කම්කටොලූ විදියි. දරුවන්ද නැති වඳ ස්ත්‍රියන් වේ. කොපමණ දුක්‌ ගැහැට පැමිණියත් නොසැලෙන ගුණය මොවුන් තුළින් විද්‍යමාන වේ.

*මධ්‍යම ප්‍රමාණයේ සමබර උකුලක්‌ හිමි ස්ත්‍රිය

බොහෝ යස ඉසුරු ලබන, සැපවත් ජීවිතයක්‌ ගත කරන වාසනාවන්ත අයෙකි. මෙවන් පිහිටීමක්‌ හිමි ස්ත්‍රියගේ විවාහයද වාසනාවන්තය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top