Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
20
"කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි"

"කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි" - "කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

13,781 Views

 මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...

උබාරි ක්ෂේම භූමිය - ලිබියාව
නිරිතදිග ලිබියාවේ Messak Sattafat සානුව හා Idhan Ubari වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික ලවන සාන්ද්‍රණයකින් යුත්තයි. නමුත් මෙහි ජලය ඉතා අපිරිසිදු තත්ත්වයේ ඇති නිසා භාවිතයට නුසුදුසුයි.


හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු

හිරු ගිණිගෙන දැවෙන පේරුවියානු කාන්තාරය මැද සිත සනසන සිහිලැල් දසුනක් ලෙස මේ ක්ෂේම භූමිය හඳුන්වා දිය හැකියි. කුඩා ජලාශයක්, සරුවට වැඩුණු තාල වර්ගයේ ගස්, හරිත වර්ණ තණනිල්ල මෙන්ම තරමක ජනගහනයක් ද සහිත කුඩා ජනපදයක් වන මේ ක්ෂේම භූමිය කාන්තාරය මැද අපූරු නිමැවුමකි. ඇමෙරිකාවේ ක්ෂේම භූමිය ලෙසින්ද හැඳින්වෙන මේ හරිත යාය, අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලම පාළු කාන්තාරය මැද කොළ එළියක් ලෙස පැවතී තිබේ. අඩි සිය ගණනක් විහිදී යන වැලි කඳු හා සැතපුම් ගණනාවක්ම පාළු කාන්තාරයේ අත්දැකීම ලබාගැනීමට පැමිණෙන සංචාරකයින්ට හා අවට ප්‍රදේශවාසීන් අතර මේ ක්ෂේම භූමිය නවාතැන් පොලක් ලෙස ප්‍රචලිතව තිබේ.



 එන්-ගේදි ක්ෂේම භූමිය - ඊශ්‍රායෙලය

මළ මුහුදේ බටහිර ඉවුරේ පිහිටි මේ ක්ෂේම භූමිය ඓතිහාසික වූවකි. මෙහි ඇති නොසිඳෙන දිය උල්පත් නිසාම මේ භූමිය ප්‍රාග් ඓතිහාසික කැල්කෝලිතික කාලයේ පටන්ම මානුෂ්‍ය වාසයක්ව පැවති බවට සාක්ෂි තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි සොලමන් රජුගේ සමයේදී මේ භූමිය ජුදාවරුන් හට පවරා දී තිබෙන බව කියවේ.



 චෙබිකා ක්ෂේම භූමිය - ටියුනීසියාව

ටියුනීසියාවේ ඇති කාන්තාර විල් ප්‍රදේශයට උතුරින් වැලිගල් කඳු අතර පිහිටි දර්ශණීය භූමියකි. උස් භූමියක පිහිටි මෙය කඳු වලල්ලක් මැද පිහිටා තිබේ. වැලිගල් කඳු වලින් වටවූ මේ පිහිටීම හා වසරේ වැඩි කාලයක්ම අධික සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා මෙය සූර්ය බලකොටුව ලෙසද හැඳින්වේ.



 තිමියා ක්ෂේම භූමිය - නයිජර්

උතුරු නයිජර් හි අයාර් කඳුකර ප්‍රදේශයේ පිහිටි මේ සුන්දර භූමිය සැලකෙන්නේ ලොව දර්ශණීයම ක්ෂේම භූමිය ලෙසිනි. ඒ තරමටම මේ ක්ෂේම භූමියේ පිහිටීමත්, එහි ගති ලක්ෂණත් සිත් ඇදගන්නා සුළුයි. ඒ වටා පිහිටි කාන්තාරය කෙතරම් රුදුරු වුවත් මේ ක්ෂේම භූමියට ඇතුළු වූ විට ඔබට කාන්තාරයක සිටින බව අමතක වන තරමටම මේ ක්ෂේම භූමිය සරුසාර බවින් යුතුයි. දෙළුම්, දොඩම් වැනි ගස් ඵලබරව ඇත්තේ එවේලේම ආහාරයට ගතහැකි අයුරිනුයි. මෙහි ඝණව වැඩුණු අතුපතර යට සෙවන වෙහෙසකර කාන්තාර අත්දැකීම් මකා ගන්නට හොඳ තෝතැන්නක්.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ භූමිය ගිනි කතර මැද දිව්‍යලෝකයක් යැයි පැවසිය හැකියි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top