Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
19
"මියගිය හිතවතුන් දියමන්තියක් කරන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද?"

"මියගිය හිතවතුන් දියමන්තියක් කරන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද?" - "මියගිය හිතවතුන් දියමන්තියක් කරන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,864 Views


පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමයි. නමුත් ඊට වඩා එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza)විසින් හදුන්වා දී තිඛෙනවා. මෙය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියකි.මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය එකක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයට අනුව මියගිය පුද්ගලයෙකුගේ ශරීරයේ අළු දියමන්ති බවට පත්කිරීමට හැකියාව තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? දියමන්ති යනුවෙන් මා ඉහතදී සදහන් කලේ නියම පිරිසිදු දියමන්තිය.

මේ ඔබ දකින්නේ මළසිරුරු දියමන්ති බවට පත්කරන යන්ත්‍රයයි.



එකතු කරගනු ලැබූ කාබන් වල පෙනුම තමයි මේ පහතින් ඔබ දකින්නේ.



ආරම්භක ක්‍රියාවලියේදී එය දිස්වෙන්නේ මෙහමයි.




මේ ඔබ දකින්නේ නිමනොකරන ලද නිෂ්පාදනයයි




මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ අවසාන ප්‍රතිපලය නම් මේ ඔබ පහතින් දකින මනස්කාන්ත දියමන්තියය



 මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ මෙම විශ්මිත විද්‍යාත්මක ක්‍රියාවලිය සිදු කිරීම සදහා (Algordanza) යනුවෙන් හදුන්වන එම සමාගම යන්ත්‍රයන් ගණනාවක්ම භාවිතා කරනවා. මියගිය පුද්ගලයෙකු සිහිකරවන සිවිටනයක් ලෙස මෙම දියමන්තිය කෙතරම් අගනේද යන්න අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ ශරීරයේ අළු වලින් කාබන් වෙන්කරගෙන පසුව ඒවා මිනිරන් (ග්‍රැෆයිට්) බවට පත්කරනු ලබනවා. පසුව සුවිශේෂී වූ විද්‍යාත්මක ක්‍රියාවලියකට ඒවා භාජනය කොට දියමන්ති බීජයන් නිර්මාණය කරගැනීමට එම සමාගම කටයුතු කරනවා.

මිනී අළු වල කොපමණ බෝරෝන් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවාද යන්න මත තමයි එහි වර්ණය තීරණය වෙන්නේ. වැඩි වශයෙන් බෝරෝන් අන්තර්ගත වුණහොත් එම දියමන්ති වඩාත් නිල් පැහැයක් ගන්නවා. මියගිය ඔබගේ ආදරනීය හිතවතෙක් සිහිවටන දියමන්තියක් බවට පත්කරගැනීමට අවශ්‍යයි කියා ඔබත් සිතනවානම් වැඩි දුර විස්තර සදහා ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

එම සමාගමේ නම ගූගල් හී සර්ච් කරබැලීමෙන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ඔබට පිවිසෙන්නට හැකියාව තිඛෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top