Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
17
"කුරුලෑ ලප ඉවත් කරන අලුත්ම ක්‍රම"

"කුරුලෑ ලප ඉවත් කරන අලුත්ම ක්‍රම" - "කුරුලෑ ලප ඉවත් කරන අලුත්ම ක්‍රම"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

19,566 Views

සමේ පැහැපත් බව නැති කරන කැළැල් නිසා ඔබත් පිඩාවට පත් වෙලාද? දැන් ඒ ලප ඉවත් කරන්නට විවිධ ක්‍රම වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ ගැන දැනුවත් කරන්නටයි මේ ලිපිය.
කුරුලෑ නිසා ඇති වූ වළවල් යනුවෙන් හඳුන්වන්නේ කුරුලෑ කැළැල්. මෙම කැළැල් විවිධ ක්‍රම මගින් ඉවත් කරන්නට පුළුවන්.

මෙහිදී කරනු ලබන්නේ කුරුලෑ නිසා හටගත් වළවල් තුළ තිබෙන කොලජන් තන්තු උද්දීපනය කරමින් එම සම වර්ධනය වීමට සැලැස්‌වීමයි.

කුරුලෑ කැළැල් ඇතුලේ සිට මෙම වළවල් පුරවාගෙන ඒමෙන් කාලයත් සමග කුරුලෑ කැළල සමේ මට්‌ටමට පැමිනෙනවා. මෙම ක්‍රියාවලිය මගින් වළවල් ඉවත් වනවා.

කැළල සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැකියි. කුරුලෑ නිසා හටගත් වළ තුළ කොලජන් වර්ධනය කිරීමෙන් කැළල උඩට මතු කිරීමක්‌ පමණක්‌ කරන්නට පුළුවන්.

බොහෝ පිරිසක්‌ වෛද්‍යවරුන් වෙත පැමිණෙන්නේ කුරුලෑ කැළැල් ඉවත් කර ගැනීම සඳහායි. ඔබ මතක තබා ගත යුත්තේ කැළැල් කිසිවක්‌ සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි බවයි. කැළලක පෙනුම වෙනස්‌ කිරීම පමණයි කල හැක්කේ.

මේ සඳහා විවිධ ආලේපන, ලේසර් ප්‍රතිකාර ,Dermaroller ප්‍රතිකාරය උපයෝගී කරගනිමින් කොලජන් තන්තු උද්දීපනය කිරීමක්‌ කරනවා. සමට යටින් කොලජන් තන්තු වර්ධනය කිරීමෙන් කැළැලේ පැහැය වෙනස්‌ වන්නේ නැහැ.







ප්‍රදේශයේ බෙහෙත් ආලේප කිරීමෙන් පසු ඩර්මාරෝලර් උපකරණය ක්‍රියාකරවීමෙන් එම බෙහෙත් සම ඇතුළට ගමන් කිරීමට සලස්‌වනවා. මාසයකට සැරයක්‌ කිහිප වතාවක්‌ මෙම ප්‍රතිකාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මෙය වෛද්‍යවරයෙකු ලවා පරීක්‌ෂා කර බැලීමෙන් පසු කළ යුතු ප්‍රතිකාරයක් බව සිහි තබා ගත යුතුයි.

උපතේ සිටම විශාල ප්‍රදේශයක පැතිර තිබෙන උපන් ලප සම්පූර්ණයෙන් ඉවත් කළ හැකිද යන්නත් ගොඩක් දෙනා තුල තිබෙන ප්‍රශ්නයක්.

ඇතැමුන්ගේ උපන් ලප මතුපිටින් හෙවත් අපිචර්මයේ පමණක්‌ පවතී. එවැනි උපන් ලප උඩින් සූරාදැමීමක්‌ හෙවත් ෂේව් (Shave) කිරීම මගින් ඉවත් කළ හැකියි.

කුඩා උපන් ලප නම් ලේසර් කිරණ මගින් හෝ එම කොටස කපා ඉවත් කිරීම මගින් ඉවත් කරනවා.

කුඩා දරුවන්ගේ බහුලව දක්‌නට ලැබෙන රතු පැහැති උපන් ලප දරුවාට වයස අවුරුදු දෙකේ සිට හතර පමණ වනවිට ඉබේම නැතිවී යන නිසා ප්‍රතිකාර කිරීමක්‌ අනවශ්‍යයි.

විශාල ප්‍රදේශයක පැතිර ඇති උපන් ලප නම් සම්පූර්ණයෙන් ඉවත් කිරීමක්‌ කරන්නට බැහැ. නමුත් ප්‍රතිකාර කම මගින් පැතිරීම අඩු කිරීමක් කරන්නට පුළුවන්. සමේ රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය වරයකුගේ උපදෙස් ඇතිව ඔබ පිඩාවට පත් කරන මේ ලප කැළැල් වලින් අත් මිදෙන්නට හැකි වීම ඔබට සහනයක් වේවි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top