13,233 Views
දැනුත් පරිඝණකය දිහා බලාගෙන ඉන්න ගමන් හිතන්න ඔයාටත් මේ රෝග ලක්ෂණ තියනවද කියලා...?
1 ඇස් රිදීම
2 හිසරදය
3 ඇස් කැසීම
4 දෑත් වල වේදනාවක් දැනීම
5 පිට කොන්දේ කැක්කුම
6 අපැහැදිලි රූප පෙනීම
මේ වගේ අපහසුතා ඔබටත් දැනිල ඇති.
මේ සියල්ලම පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමයේ ලක්ෂණ.
පරිගනකයක වැඩ කරනකොට මිනිත්තුවකට බොහෝ වාර ගණනක් අපේ ඇස් පරිගණක තිරය මත එහා මෙහා කරනවා .මේකට හේතුව අපි කරන දේ ගැන අපි ගොඩක් අවධානයෙන් ඉන්න නිසයි .මේ නිසා අපි ඇසිපිය හෙලන වාර ගණනත් අඩුවෙනවා .ඒ වගේම අපේ පරිගණක තිරය තරමක් ඈතින් තිබුනම අපි පරිගණක තිරය දෙස බලන්නේ තරමක් දෑස් වෙහෙසවලා ..මේ නිසා තමයි අපිට පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමයේ ලක්ෂණ ඇතිවෙන්න හේතුවෙන්නේ.
පරිගණකයක් ඉස්සරහ නොකඩවා පැය 4- 5ක් වැඩ කරන ඕනෑම කෙනෙක්ට මේ වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන් .මේ විදිහට දිගු කාලීනව පරිගණකය භාවිතා කරන අයෙකුටනම් අවිදුර දෘෂ්ටිකත්වය (දුර නොපෙනීම ) ඇතිවෙන්නත් පුළුවන්.
ඉතින් මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න කලින් අපි ඒවා වලින් වැළකෙන්නේ කොහොමද කියලා බලමු
* සෑම පැය භාගයකටම වරක් හරි නැත්නම් පැයකට වරක් හරි පරිගණකය ලඟින් ඉවත්වෙන්න .
* සිසිල් ජලයෙන් දෑස් තෙමන්න
*නිතර නිතර ඇසිපිය සලන්න
*ඔබේ ඇස් වලට සමාන මට්ටමකින් පරිගණක තිරය තබාගන්න
*පරිගණක තිරය මතට ෆිල්ටරයක් සවිකර තිරයේ දිලිසිම අඩු කරන්න
* දීප්තිමත් ආකාරයට පරිගණක තිරය සකසන්න එපා
*යම් ලියවිල්ලක් පිටපත් කරනවානම් පරිගණක තිරය ආසන්නයේම ඔබ පිටපත් කරන ලියවිල්ල තබාගන්න ..එතකොට ඇස් ඉහලට පහලව චලනය කරන්න වෙන අවස්තාව අඩුයිeyestrain
*පරිගණක තිරය නිතර පිරිසිදු කරන්න
මේ වගේ දේවල් කලාම අපිට අපේ ඇස් ආරක්ෂා කරගන්න පුළුවන් ..පරිගණකයට වඩා අපේ ඇස් අපිට වටිනා නිසා ඇස් දෙකත් රැකගෙන පරිගණකයෙන් වැඩ ගන්නනම් කලින් කිව්ව දේවල් කලානම් හරි .