3,723 Views
ඉන්දීය වේග පන්දු යවන්නෙකු වන ප්‍රවීන් කුමාර්ට අයත් 250g පමණ බරැති රන් මාලයක් එක්දින තරගයක් අතරතුර නැති විමේ සිදුවිමක් ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියි.
ඉන්දීය ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් අතර වාරයේ ප්‍රවීන් කුමාර් එරට මුදලින් රැපියල් ලක්ෂ අටක් වටින සිය කර මාලය විවෙිකාගාරයේ පුටුවක් මත තබා ගොස් ඇති අතර ඔහුට සිය මාලය පිළිබඳව නැවතත් සිහියට පැමිණ ඇත්තේ තරගය නිමාවට පත්ව නවාතැන් ගන්නා හෝටලයට පැමීණි පසුය.
නැවතත් තරගය පැවති ක්‍රීඩාංගනයේ විවෙිකාගාරයට පැමිණ විපරම් කර බැලුවද සිය රන් මාලය තබා ගිය පුටුව මත තිබී නොමැත.
මාලය ගත් බවට සැක කරන්නට පුද්ගලයෙකු ගැන නොමැති හෙයින් සිය මාලය සෙවීමේ වගකිම පොලීසිය වෙත බාර කර ඇති බව වැඩිසදුරටත් සඳහන් වේ.
ඒ රන් මාලයේ තවත් පැහැදිලි රූපයක් පහතින්
