4,872 Views
' Music Week Chart 'යනු එක්සත් රාජධානියේ ප්‍රමුඛතම ගීත දර්ශකයයි. මේ වනවිට එහි 20 වන ස්ථානයට පත් වී ඇත්තේ ලාංකික තරුණියකගේ ගිතයකි. එම ගීතය ' Free ' නමින් හඳුන්වන අතර එම ගීතයේ හිමිකාරිය වන්නේ ලංකාවේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිණියක වන ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය වන සේනානි විජේසේනය.
එම ගීතයේ රචනය හා තනු නිර්මාණයද සේනානි විසිනි. පසුගිය වසරේ පැවැති හොලිවුඩ් මියුසික් ඉන් මීඩියා අවෝඩ්හිදී ඇගේ ගීතයක් එහි නිර්දේශිත ලයිස්තුවටද ඇතුලත් විය. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරටද ඇය මේ වනවිට පිවිස ඇත. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.
ඒ ගීතය පහතින් -




