Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
12
"NOKIA නම හැලු මයික්‍රසොෆ්ට් ලූමියා ප්‍රථම ෆෝන් එක එලි දකී"

"NOKIA නම හැලු මයික්‍රසොෆ්ට් ලූමියා ප්‍රථම ෆෝන් එක එලි දකී" - "NOKIA නම හැලු මයික්‍රසොෆ්ට් ලූමියා ප්‍රථම ෆෝන් එක එලි දකී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,904 Views


2007 වසර තෙක් ලෝකයේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූයේ නොකියාය. නමුත් සැම්සුන් සමාගම හා ඇපල් සමාගම ගෙන ආ ස්මාර්ට් ෆෝන් ජනප්‍රියවීමත් සමග නොකියා නාමයට තවදුරටත් එම ස්ථානයේ ර`ඳවාගන්නට බැරි විය. පසුව පසුගිය වසරේදී නොකියා මයික්‍රසොෆ්ට් සමාගමට විකුණා දැමුණ අතර ඔවුන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යෙදූ නොකියා ෆෝන් ප්‍රචලිත කිරීමට වෙහෙස ගත්තා.

නමුත් සැම්සුන් හා අයිෆොන් සඳහා දැනෙන තර්ජනයක් එක් කිරීමට ඔවුන්ට බැරිව ගිය අතර නොකියා නම යෙදීම අවාසි බව මයික්‍රසොෆ්ට් පාරිභෝගික පර්යේෂණ මගින් පෙන්වාදී ඇත. නොකියා කී සැණින් සිහියට එන්නේ පැරණි මොඩලයේ ජංගම දුරකථන යයි සමීක්ෂණ වලදී පෙන්නුම් කළ නිසා මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය මාසයේ අලූත් තීරණයකට එළැඹෙමින් ස්මාර්ට් ෆෝන් සඳහා නොකියා නම නොයෙදීමට තීරණය කළා.

නමුත් මූලික පහසුකම් පමණක් ඇති පැරණි තාලේ ජංගම දුරකථන වෙළෙඳ පොළට දියුණුවෙමින් පවතින රටවල තවමත් නොකියා සඳහා හොඳ ඉල්ලූමක් ඇති නිසා ඒ ආකාරයේ ෆෝන් පමණක් නොකියා නමින් නිකුත් කර ස්මාර්ට් ෆොන් මයික්‍රසොෆ්ට් නමින් නිකුත් කරන්නට ඔවුන් තීරණය කළා.

ඒ අනුව අද (11) මයික්‍රසොෆ්ට් ලූමියා 535 නමැති අලූත්ම ස්මාර්ට් ෆෝන් මොඩලය මයික්‍රසොෆ්ට් සමාගම නිකුත් කර ඇත. චීනය හොංකොං හා බංග්ලාදේශයේ පළමුවෙන් මෙම මොඩලය විකුණන බවත් පසුව අනෙක් රටවල් වලට යොමු කරන බවත් පැවසුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top