Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
12
"දැන් පිරිමින්ටත් ප්‍රසව වේදනා දුක"

"දැන් පිරිමින්ටත් ප්‍රසව වේදනා දුක" - "දැන් පිරිමින්ටත් ප්‍රසව වේදනා දුක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,138 Views

 දරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණි.

එහිදී පෙම්වතුන්ට හා සැමියන්ට විශේෂ යන්ත්‍රයකට සවි කෙරී තිබුණු කොට්ටා දෙකක් තම යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවූ අතර යන්ත්‍රය පණ ගැන්වූ පසු ඔවුන්ගේ පෙම්වතියන් හා බිරින්දෑවරුන් දරු උපතේදී අත්විඳින වේදනාව ඔවුන්ටද අත්විඳීය හැකිවනු ඇතැයි උපදෙස් දෙනු ලැබිණි.

ඒ කිසිත් ගණනකට නොගෙන සිනාවෙන් සිටි ඔවුන්ගේ මුහුණු මැළවී ගියේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරා පැළද සිටි කොට්ටා වලට එල්ල කිරීම මගින් ඔවුන්ගේ යටි බඩෙහි මාංශ පේෂීන් වේදනාවට පත් කෙරිණි.

වේදනාව උසුලා ගත නොහැකිව ඇතැම්හු හැඬූහ,ඇතැම්හු කෑ ගැසූහ,ඇතැම්හු පැන දිවීමට පවා තැත් කළෝය.

විනාඩියක් දෙකක් පමණ මේ ‘‘වදය‘‘විදීමට ඔවුන්ට සිදුවිය.එය අවසානයේ අදහස් විමසූ විට ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පෙම්වතියන් මෙතරම් වේදනාවක් දරන බව කිසිදිනෙකවත් දැන සිටියේ නැතැයි ඔවුහු කීහ.

පරීක්ෂණය විනාඩියකට දෙකකට පමණක් සීමා වුවද විළිරුදා ඇතිවන කාන්තාවක් ඒ වේදනාව ඇතැම් විට පැය ගණනක් හෝ දින ගණනක් පවා විදින්නීය.

මෙයට සහභාගීව සිටි ඇතැමුන් තම බිරින්දෑවරුන්ගේ කරච්චලයට බියෙන් පැමිණ සිටියෝ වූහ.නමුත් පර්යේෂණය අවසානයේ ඔවුන් තමන් ගැන පසුතැවෙන ආකාරයක් දැකගත හැකිවිය.

පරීක්ෂණය සිදුකළ රෝහල පවසන්නේ කාන්තාවන් දරු උපතකදී මෙන්ම දරුවෙකු දරා සිටින විටදී දරන වේදනාව කොතරම්දයැයි පිරිමින්ට පෙන්වා දීමට මෙවැන්නක් සංවිධානය කළ බවයි.කාන්තාවන්ට නිසි ගෞරවය දැක්වීමට පිරිමින් උගත යුතුව ඇති බව රෝහලේ අදහසයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top