අවුරුදු සියයක් ජීවත් වීම යනු වර්තමානයේදී කලාතුරකින් පුද්ගලයෙකුට ලැබෙන වාසනාවකි. එය සැබවින්ම සැමරිය යුතු අවස්ථාවකි. ඇමරිකාවේ වෙසෙන කාන්තාවක් වන එලිනර් කනින්හැම් පසුගියදා තම 100වන උපන්දිනය සැමරූ අතර එය ඇයට අමතක නොවන අත්දැකීමක් විය.
තම 100වන උපන්දිනය සැමරීම සඳහා ඇය විසින් ගුවනේ කිමිදෙන ලදි. ඒ සඳහා ඇයට සරටොගා ගුවන් කිමිදුම් ආයතනයේ සහයෝගය හා මඟ පෙන්වීම ලැබී ඇත. ඇයට මෙම කට්යුත්ත සඳහා එම ආයතනයෙන් ප්‍රවීණ ගුවන් කිමිදුම් කරුවකුගේ සහය ලැබී ඇත. ඇය මීට ප්‍රථමද ගුවනේ කිමිදී ඇති අතර ඇයගේ ප්‍රථම ගුවනේ කිමිදීම සිදුව ඇත්තේ ඇයට අවුරුදු 90දීය.
ඇගේ වෛද්‍යවරයා ඇයට මෙම භයානක ක්‍රියාවේ නිරත වීමට අවසර ලබාදී ඇත්තේ ඇගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් වන නිසා වන අතර එවැනි සෞඛ්‍ය සම්පන්න දිවියකට හිමිකම් කීමට ඇයට හැකිවූයේ නිර්මාංශික වීම සහ නිතර තරුණ තරුණියන් සමඟ කාලය ගත කිරීමෙන් බව ඇය පවසා තිබේ.
ඇයට දරුවන් 5 දෙනෙකු හා මුණුබුරු මිණිබිරියන් 14 ක්ද මී මුණුබුරු මිණිබිරියන් 25ක්ද සිටී.