Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
09
"Email වල අලුත්ම පෙරළිය ගූගල් ඉන්බොක්ස්"

"Email වල අලුත්ම පෙරළිය ගූගල් ඉන්බොක්ස්" - "Email වල අලුත්ම පෙරළිය ගූගල් ඉන්බොක්ස්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,832 Views

ලොව වැඩි දෙනෙක් අතර ජනප්‍රිය ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් පසුගියදා වෙනස්ම ආකාරයේ App එකක් හඳුන්වා දෙනු ලැබුවා. ජී මේල් ගිණුමට සම්බන්ධයක් නොමැති මෙය නම්කොට ඇත්තේ ගූගල් ඉන්බොක්ස් ලෙසිනි. මෙම ඉන්බොක්ස් සේවාවට ඔබේ ජීමේල් ගිණුම ඔස්සේ සම්බන්ධ වී ඉතා පහසු, අලංකාර පරිශීලක මුහුණතක් මත ඊමේල් යැවීමටත්, කියවීමටත් පහසුකම් ලැබේ.

ඔබට ලැබෙන එක එක ආකාරයේ ලිපි ගොනු කොට දැක්වීමටත් ඒවා එකවර කියවා නිම කිරීමටත් මෙම සේවාව පහසුකම් සපයනවා. ගූගල් සමාගම ප්‍රධාන වශයෙන් මෙම සේවාව ඔස්සේ Information Overload යන ප්‍රධාන ගැටලුවට විසඳුම් ලබාදීමට උත්සුක වී තිබේ. ඒ අනුව ඔබ ඊමේල් ලිපියක් කියවා අවසන් වූ විට එම පණිවිඩය තවදුරටත් අවශ්‍යය නැතිනම් "Done" ලෙස සටහන්කොට ප්‍රධාන පිටුවෙන් ඉවත් කිරීමේ පහසුකම සපයා ඇත.

මිතුරන් විසින් ඔඅබට එවන ඡායාරූප, ගුවන් ගමන් කාල සටහන්, වෙනත් විශේෂ අවස්ථා පිලිබඳ විස්තරද ලබාදීමට මෙම සේවාවට හැකියාව තිබේ. එමන්ම ඊමේල් පණිවිඩයට අදාළ තොරතුරු අන්තර්ජාලයෙන් ගෙන වැඩි තොරතුරු සැපයීමටත් මෙම සේවාවට හැකිය.

Reminders විශේෂාංගය ඔස්සේ ඔබට අවශ්‍යය දේවල් අවශ්‍යය වේලාවේ ඊමේල් ගිණුම තුලදීම මතක් කරදීමේ පහසුකම එක්කොට ඇත.

කෙසේ නමුත් ගූගල් ඉන්බොක්ස් සේවාව තවමත් ලබාදෙනුයේ Invitations මගින් පමණි. ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට [email protected] වෙත ඊමේල් කළ යුතුවේ.

නමුත් ඉන්වයිට් ලබාගැනීමට අයදුම් කළ බොහෝ දෙනෙකුට තවමත් Inbox සඳහා ආරාධනා ලැබී නොමැත. මේ හේතුවෙන් ලැබී ඇති සීමිත Invitation ප්‍රමාණය ඉතා ඉහල මිල ගණන් වලට ඊබේ ඔස්සේ අලෙවි වීමද මේ දිනවල දක්නට ලැබුණි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top